BREAKING NEWS
latest

728x90

468x60

Thursday, March 15, 2018

ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයන්ට ප‍්‍රචණඩකාරීව පහර දුන්නා - ඇමති හකීම් ලෝකය පුරා ගිනි තියයි

මහනුවර හා අම්පාර ප‍්‍රදේශයන්හි ඇති වූ කලහකාරී තත්වය කිසිසේත්ම සිංහල- මුස්ලිම් ගැටුමක් නොවන බව ශ‍්‍රි ලංකා මුසිලිම් කොංග‍්‍රසයේ නායක ඇමති රවුෆ් හකීම් මහතා සදහන් කරයි.

ශ‍්‍රි ලංකාවේදී සිදු වූයේ මුස්ලිම් ජනතාව ඉලක්කර කරමින් සිදු කරන ලද ප්‍රචණ්ඩකාරි පහරදීමක් යයිද ඇමතිවරයා සදහන් කර ඇත්තේ ඉන්දියාවේ ‘ද හින්දු’ වෙබ් අඩවියට අදහස් පල කරමිනි.

එම ගැටුම දුරදිග ගියේ පොලීසිටේ වගකීම් විරහිත ක‍්‍රියා කලාපය නිසා බවත් ඉදිරියේදී සිදුවන දේ ගැන බුද්ධි අංශවලටද වැටහීමක් නොතිබුණ බවත් එහිදී ඇමති හකීම් සදහන් කර ඇත.

මියිගිය තරුණයාගේ අවසන් කටයුතු සිදුවන දිනයේදී කලහයක් ඇති විය හැකි යයි තමන් විසින් බලධාරීන් දැනුවත් කලද ඔවුන් එය පිලි නොගත් බවත ඇමතිවරයා වැඩි දුරටත් සදහන් කරයි.
« PREV
NEXT »