BREAKING NEWS
latest

728x90

468x60

Friday, March 02, 2018

එජාපය විනාශ කරන පිරිසක් ගැන රවිගෙන් හෙළිදරව්වක් - ඒ කිවුවේ මලික් සමරවික්‍රම ගැනද?


ජාතික ලැයිස්තුවෙන් පැමිණි දෙතුන් දෙනෙක් පක්ෂය විනාශ මුඛයට ඇද දමා ඇති බව එක්සත් ජාතික පක්ෂ උපනායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා කියා සිටියේය.


මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ කිසිඳු ජනපදනමක් නොමැති එම සුළුතරය පක්ෂයට සිදුකර ඇති විනාශය යළි ආපස්සට හැරවීමට නොහැකි තරම් බරපතළ වී ඇති බවයි.

මෙම තත්ත්වය හමුවේ පක්ෂය තුළි රැඩිකල් වෙනසක් සිදුවිය යුතු බවත්, තරුණ කොටස් සඳහා ඉදිරියට පැමිණීමට අවස්ථාව සලසා දිය යුතු බවත් හෙතෙම සඳහන් කරයි.

රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ ඊයේ (01දා) පෙරවරුවේ මෝදර, කිඹුලාඇල ප්‍රදේශයේ ක්‍රීඩා සංගම් සඳහා ක්‍රීඩා භාණ්ඩ ප්‍රදානය කිරීමේ උත්‍සවයකට සහභාගී වී මෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.

මේ අතර අමාත්‍ය මලික් සමරවික්‍රම පිළිබදව මේ දිනවල වැඩි දුරත් ඔහුගේ යම් යම් අක්‍රමිකතාවන් පිළිබදව එජාප අභ්‍යන්තරයේ කතාබහට ලක්වී ඇති බව ගොසිප්99 වෙත වාර්තා වේ.


« PREV
NEXT »