BREAKING NEWS
latest

728x90

468x60

Saturday, March 03, 2018

අගමැති සිංගප්පූරු - ශ්‍රී ලංකා ආර්ථික සබඳතා ශක්‌තිමත් කිරීම ගැන සාකච්ඡාකරයි

ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ සහ සිංගප්පූරුවේ වෙළෙඳ හා කර්මාන්ත ඇමැති එස්‌. ඊස්‌වරන් යන මහත්වරුන් ඊයේ (02දා)  සීසන්ස්‌ හෝටලයේ දී හමු වී සාකච්ඡා පැවැත් වූ අවස්‌ථාව.

මේ වසරේ සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබුණු නිදහස්‌ වෙළෙඳ ගිවිසුම පදනම් කර ගනිමින්, දෙරට අතර වෙළෙඳ හා ආර්ථික සබඳතා ශක්‌තිමත් කරලීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ සහ සිංගප්පූරු වෙළෙඳ හා කර්මාන්ත ඇමැති එස්‌. ඊස්‌වරන් යන මහත්වරුන් අතර පැවැති සාකච්ඡාවන්හිදී අවධාරණය කෙරී ඇත.

සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස්‌ වෙළෙඳ ගිවිසුම ඇති කර ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ලබා දුන් දායකත්වය සිංගප්පූරු රජයේ විශේෂ පැසසුමට ලක්‌වන බවද ඊස්‌වරන් ඇමැතිවරයා පවසා තිබේ. 

02 වන දා උදෑසන සිංගප්පූරුවේ ෙµda සීසන්ස්‌ හෝටලයේදී මේ සාකච්ඡාව පැවැත්විණි. 

නිදහස්‌ වෙළෙඳ ගිවිසුමෙහි ප්‍රතිඵල ලෙස සිංගප්පූරු ව්‍යවසායකයින් ගණනාවක්‌ ශ්‍රී ලංකාවේ ආයෝජන කිරීමට අපේක්‍ෂාවෙන් සිටින හෙයින්, ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු පහසු කරලීම උදෙසා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරී ඇත.
« PREV
NEXT »