BREAKING NEWS
latest

728x90

468x60

Friday, March 23, 2018

පෙන් වැරදි සිදුවුණා - අඩුපාඩු හදාගෙන ඉදිරියට යනවා - ඇමති සාගල කියයි

වත්මන් රජය ජනතාවට සහන සැලසීම වෙනුවෙන් රැගෙන ආ ඇතැම් වැඩපිළිවෙළ නිසා ජනතාවට යම් යම් අපහසුතාවන්ට ලක්වන්නට සිදුවූ බවත් ඒ අඩුපාඩු නිවැරදි කරගෙන ඉදිරියට යාමට වත්මන් රජය සූදානම් බවත් තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශකළේ පස්ගොඩ, පිටබැද්දර සහ කොටපොළ ප්‍රාදේශීය සභාවන්ට එක්සත් ජාතික පකන්ෂයෙන් තේරීපත් වූ සභිකයින් දිව්රුම් දීමේ අවස්ථාවට එක්වෙමිනි. මොරවක නයාමුල්ල එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ දී පැවැත්වූ එම උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කීය.

‘අපි ආණ්ඩුවක් විදිහට ඇවිත් ජනතාවට වැදගත් වැඩ ගොඩක් කළා. නමුත් ජනතාව ඒවා තේරුම් ගත්තේ වෙනත් විදිහකට. ඒකට හේතුව තමයි අපි අපේ ජනතාවගේ ආකල්ප හදලා තිබුණේ නෑ. අපි පොහොර සහනාධාරය බැංකු ගිණුමට දාපුවාම ඒ මුදල සමහර වෙලාවට බැංකු ණය තිබුණනම් එකට කැපුණා. ඒ වගේ අඩුපාඩු අපි අතින් සිදුවුණා . ඒ නිසා අපි ආණ්ඩුවක් විදිහට කල්පනා කළා අපි ජනතාවට සහන දෙන අරමුණින් කරපු වැඩ වලින් ජනතාවට කරදර වුණු තැන් හදා ගන්න. අපේ අරමුණු හොඳ නමුත් අපි සමහර කටයුතුවලදි ඉක්මන් වුණා වැඩියි. ඒ දියුණුවට අපේ රට තවම සූදානම් නැහැ. පහුගියි දවසක මුදල් ඇමතිතුමාම කිව්වා පොහොර දෙනවාට වඩා මුදල් දීම තුළින් රුපියල් බිලියන 25 ක් ඉතිරිවුණා කියලා. ඒක පොඩි ගාණක් නෙවෙයි. නමුත් අපි ඉක්මන් වැඩි වෙලා හොඳ අරමුණුවලින් ජනතාවට කරදර සිදුවුණා. ඒකෙන් රජයත් දුර්වල වෙලා අපේ අනිත් හොඳ වැඩ ටිකත් පස්සට යනවා. ඒ නිසා අපි කල්පනා කළා අපේ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න. අපෙන් අඩුපාඩුවුණා. අපි කැමතියි ඒ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න.

අපි මැතිවරණයකට මුහුණදීලා අපේ පක්ෂයෙන් සභාව නියෝජනය කරන්න යන මන්ත්‍රීවරු තමයි අද දිව්රුම්දුන්නේ. අපි හිතපු විශිෂ්ට ජයග්‍රහණය අපිට ගන්න බැරිවුණා. අපි හිතපු තරම් ප්‍රමාණයක් සභාව නියෝජනය කරන්න යන් අපිට බැරි වුණා. නමුත් ඒ අඩුපාඩුව මැකෙන්න වගකීම් ඉටුකිරීමේ වගකීම තියෙන්නෙ සභාව නියෝජනය කරන්න තේරිලා ඉන්න පිරිසටයි.ජනතාව රැකගන්න ඕන. ඒ කියනනේ ජනතාවගේ වැඩකටයුතු ටික නිසි පරිදි ඉටු වෙන්න ඕන. ඔබ සියලු දෙනා සභාවේ බලය නැතත් ඒ හැම වැඩකටයුත්තක්ම කරන්න ඕන. පහුගිය අවුරුදු දෙකක් අපිට සභාව තිබුණේ නෑ. නමුත් අපි විශාල වැඩ කොටසක් කළා. දැන් තේරිලා ඉන්න ජ්‍යෙෂ්ඨයෝ අලුත් අය කියලා වෙනසක් නෑ . හැමෝටම එකම වගකීමක් තියෙන්නේ. එක කණ්ඩායමක් වගේ ඉන්න ඕන. හරි දේ වෙනුවෙන් හැමවෙලාවෙම පෙනී ඉන්න ඕන. ඊට අමතරව ජනතාවගේ වගකීම් හරියාකාරව ඉටු වෙන්න ඕන. 

සභාවේ ආණ්ඩු පක්ෂය නිවැරදි මාර්ගයක ගෙනියන්න වගකීම තියෙන්නේ අපිට. ඒක අමාරු දෙයක්. නමුත් අපි ඒ දේ කරන්න ඕන. සභාවේ ආණ්ඩු බලය කොයි පක්ෂයට තිබුණත් ආණ්ඩුවේ වැඩකටයුතු ඉදිරියට ගෙනියන්න අපි කටයුතු කරන්න ඕන’. යැයි අමාත්‍යවරයා කීය.
« PREV
NEXT »