BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, March 13, 2018

සමාජ මාධ්‍ය තරමක් දුරට පාලනය විය යුතුයි

සමාජ මාධ්‍ය තහනම් කිරීමට ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ගයට තමන් එකඟ නොවන නමුත් ඒවා පාලනය කළ යුතුය යන ස්ථාවරයේ තමන් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
සෑම සතියකම අඟහරුවාදා දිනයේදි ‘අද’ පුවත්පතට මන්ත්‍රීවරයා විසින් රචනා කරන කුරහන් සුවඳ තීරු  ලිපියේ මේ බව දැක්වෙයි.


සමාජ මාධ්‍ය තහනම පිළිබඳව මන්ත්‍රීවරයා දක්වන්නේ මෙවන් අදහසකි.
“ආණ්ඩුව මෙම ගැටලුව (මහනුවර සිදුවීම) විසඳීම සඳහා ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය තහනම් කිරීමටත්, වට්ස්ඇප් හා වයිබර් සේවාවන් අවහිර කිරීමටත් කටයුතු කළේය. මේවා යම් තරමකට පාලනය විය යුතුය යන ස්ථාවරයේ මමද සිටිමි. නමුත් ඒවා තහනම් කිරීම විසඳුමක් නොවේ. මෙම තහනමද ඇතැම් ව්‍යාපාර සඳහා ඍජුව බලපෑම් ඇතිකර තිබේ.

පසුගිය මහින්ද රාජපක්‍ෂ රජය ෆේස්බුක් තහනම් කිරීමට යන බවට ජනතාවට අසත්‍ය ප්‍රකාශ කළ එවකට විපක්‍ෂ නායක මෙන්ම වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ෆේස්බුක් තහනම් කර ඇත. පසුගිය ජනාධිපතිවරණ  සමයේදී අපට එරෙහිව අසත්‍ය ප්‍රකාශ කිරීමට ඔවුන් මූලික වශයෙන්ම යොදාගත් මාධ්‍යයක් වූයේ ෆේස්බුක් සමාජ ජාලයයි.  රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය, රත්‍රන් අශ්වයන්ගේ කතාව, ලැම්බෝගිනි කතාව ඇතුළු බොහෝ දේ ඔවුන් ප්‍රකාශ කළේ ෆේස්බුක් සමාජ ජාලය ඇසුරෙනි. 
මේ ප්‍රකාශ යොදාගෙන අපව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, පොලිස් මූල්‍ය අපරාධ ඒකකය ප්‍රකාශ ලබාගනිමින් සිටියි. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, පොලීසිය මගෙන් ප්‍රශ්න කරන්නේ ෆේස්බුක්හි පළ වූ වාර්තා යොදාගෙනය. මෙවැනි දේ ෆෙස්බුක් හරහා ව්‍යාප්ත වෙන බවට ආණ්ඩුව තේරුම් ගැනීමද හොඳ දෙයකි. පසුගිය ආණ්ඩුව සමාජ මාධ්‍ය ජනතාවගේ අයිතියක් ලෙස දැක්කේය. වත්මන් ආණ්ඩුව එය සම්පූර්ණ ලෙස තහනම් කර තිබේ. නමුත් සිදුවිය යුත්තේ එය පාලනය කිරීමකි.”
« PREV
NEXT »