BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, March 14, 2018

ප්‍රශ්නවලට හේතුව මහ සංඝරත්නයේ අවවාද අනුශාසනාවලට ඇහුම්කන් නොදීමයි – ගෝඨා

එදා මහ සංඝරත්නයේ අවවාද අනුශාසනා පරිදි රට පාලනය කළත් අද සිදුවන්නේ රාජ්‍ය නොවන සංවිධාන වලට අවශ්‍ය ලෙස රට පාලනය බවත් එය අද රටේ ඇති වී තිබෙන නොසන්සුන්කාරි තත්ත්වයට හේතුවන බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

පසුගියදා කුලියාපිටියේදී පැවති ආගමික උත්සවයකට සහභාගී වෙමින් ඔහු ඒ බව සඳහන් කළා.

“අද මේ රටේ පවතින ප්‍රශ්නය දිහා බැලුවාම, මං හිතන්නේ මේවාට මූලික හේතුව වෙලා තියෙන්නේ රටේ නායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා වලට එතරම් ඇහුම්කන් නොදී රට පාලනය කිරීමට යෑම නිසයි. මම මෙවැනි ප්‍රශ්න උද්ගත වුණු අවස්ථා වලදී ආරක්ෂක අමාත්‍යාංශයට වැඩම කරවලා අපේ ප්‍රධාන මහා සංඝරත්නයෙන් වගේම අනෙක් අගමික පූජකවරුන්ගෙන් උපදෙස් අරගෙන අපි ක්‍රියා කළා. අද වන විට අවාසනාවකට වගේ ඒවැනි උපදෙස් වලට වඩා රාජ්‍ය නොවන සංවිධාන වල උපදෙස් මූලික කරගෙන අපේ රටේ ආගම, සංස්කෘතිය, ස්වෛරීභාවයේ තිබෙන වැදගත්කම අමතක කරලාක්‍රියා කරන නිසා තමයි විවිධ ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ. අපි ව්‍යවස්ථාවට අනූව බුද්ධාගමට මූලික තැකන් දෙනවා කියලා තිබුණත්, එය ව්‍යවස්ථාමය වාක්‍යයක් පමණක් බවට පත්වීම ප්‍රමාණවත් නෑ. ” හිටපු ආරක්ෂක ලේකම්වරයා පවසා සිටියා.
« PREV
NEXT »