BREAKING NEWS
latest

728x90

468x60

Thursday, March 22, 2018

ස්විස් බැංකු, පැනමා ගිණුම්, මොරිෂස් බැංකුවල සල්ලි දාපු මැති ඇමතිලා රන්ජන් හෙලි කරයි

ස්විස් බැංකුවේ, පැනමා ගිණුම්වල, මොරිෂස් බැංකුවල සල්ලි දාපු අය මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඕනෑ නම් ලැයිස්තුව දෙන්නම්” සමාජ සවිබල ගැන්වීම් සුබ සාධක රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවේදී පැවැසීය.


ශ්‍රී ලංකාව ලෝකයේ දූෂිත රටවල් හතරෙන් එකක් බවට පත්වෙලා. දූෂණ මිනිමැරුම් ගැන නඩු භාණ්ඩ තියෙනවා. ඒ වරදකරුවන්ට දඬුවම් ලැබී නැහැ. අපරාධකරුවෝ නීතිය ඉදිරියට ගෙන ඒම හා දඬුවම් දීම නොකළේ කවුද කියා ජනතාව ප්‍රශ්න කරනවා.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නම් දෙන්නෙක් මේ වන විට බන්ධනාගාර ගතවී ඉන්නවා. මේ රට විනාශ කළේ පාලකයන් හා පූජකයන් බව ස්වාමින් වහන්සේ නමක් පසුගියදා ප්‍රකාශ කළා. හොරුන්ට පිරිත් නූල් බඳින, අශීර්වාද කරන ආකාරය අපට පේනවා.

මේ රට දූෂිත ලැයිස්තුවේ හතර වැනි තැනට ගෙනාවේ අධිකරණය, නීතිඥයන්, පූජකවරුන් හා ජනතාවයි. ඩේසි ආච්චිගේ මැජික් මල්ල ගැන, පිස්තෝල අක්කා ගැන නීතිඥයන් ඉදිරිපත් කළේ හාස්‍ය උපදවන මත. කුඩු නවුෆර්ගේ නඩුවට තීන්දුව දුන් විනිසුරුවරයා ඝාතනය කළ ඝාතකයන් වෙනුවෙන්, හොරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන්ට ගෞරවනීය නීතිඥයන් කියන්න මා කැමැති නැහැ. මම මේ තිත්ත ඇත්ත කියන්න බයත් නැහැ.

නීතිඥ ගාස්තු ගෙවන්න වකුගඩුව විකුණපු පුද්ගලයෙක් ගැන මාධ්‍යක සඳහන් වෙනවා. හොරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන්ට සදාචාරයක් නැහැ. හොරු ඇල්ලුවාද කියා අද හොරුන්ම අහනවා. තනියෙන් යුද්ධය දිනූ බව කියා පොතක් ලියූ ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා උසාවියට බයයි. මට නඩු දාන්න එපා කියා අපේක්‍ෂිත ඇප ඉල්ලනවා.”

ප්‍රධාන පක්‍ෂ දෙකේම හොරු ඉන්නවා. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ඝාතනය වුණේ හොරු අල්ලන්න ගිහින්. ජ.වි.පෙ. පිරිසුදු පක්‍ෂයක් බව කියනවා. ඉස්සෙල්ලාම බැංකු කැඩුවේ හැඳුනුම්පත් හොරකම් කළේ කවුද? අපට දේශපාලනය කළ යුතු නිසා පක්‍ෂයක් තෝරා ගන්න වෙලා. ඒත් හොරු ගැන කතා කරන්න අපට පුළුවන්. ටැක්ස් වංචා නොකළ කෙනෙක් මේ පාර්ලිමේන්තුවේ නැහැ. මේ මමත් හරියට බදු ගෙවලා නැහැ. ඒ සිස්ටම් එක ඇතුළේ අපි හරියට නොකළහොත් මේ රට නඟාසිටුවන්න බැහැ. රටේ දේශපාලකයන් මෙන්ම ජනතාවත් හොරු.

මේ රට සුරපුරක් දිව්‍ය ලෝකයක් කරන්න විනිසුරුවරුන්ට පුළුවන්. හරියට කොන්ද කෙළින් තියාගෙන තීන්දු දුන්නා නම් ඒක කරන්න පුළුවන්.

ගිණුම් හිමියා හොරාද නැද්ද කියන එක බැංකුවට ප්‍රශ්නයක් නැහැ. ඩුබායි බැංකුව, මොරිෂස් බැංකුව, ස්විස් බැංකුව තමන්ගේ ගිණුම් හිමියන්ගේ ගිණුම් විස්තර කාටවත් දෙන්නේ නැහැ.

මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා ස්විස් බැංකුවේ සල්ලි දාපු අය. පැනමා පේපර්වල, මොරිෂස් බැංකුවල සල්ලි දාපු අය ඉන්නවා. ඕනෑ නම් ලැයිස්තුවක් දෙන්නම්. ඒ ආයතන අපට සහාය දෙන්නේ නැහැ. හොරා ඒ ආයතනවල ගනුදෙනුකරුවා. ආසියාවේ දූෂිත රටවල් හතරෙන් එකකට අපි ආපු විදියයි ඒ.
« PREV
NEXT »