BREAKING NEWS
latest

728x90

468x60

Friday, March 23, 2018

ලොක්කාගේ කැරැට්ටුව ලෙක්කාටම ලියා යවා - සුදත් අතුරුදහන් !

අග්‍රාමාත්‍ය පෞද්ගලික සහකාර හා එජාප සන්නිවේදන බලකායේ ප්‍රධානී යන ධූරවලින් ඉල්ලා අස්වූ සුදත් චන්ද්‍රසේකර මහතා අද (23) පෙරවරුවේ සිරිකොත සිය කාර්යාලයේ තිබූ සියලු ලිපිලේඛන රැගෙන ගොස් ඔහුගේ නිල මෝටර් රථයද භාර දී ඇතැයි වාර්තා වේ.

ඒ මහතා සිය ඉල්ලා අස්වීම ලබාදුන් ඊයේ (22) දිනයේම ඔහු පරිහරණය කරමින් තිබූ සිය නිල මෝටර් රථයද අගමැති කාර්යාලයට භාරදීමට එය රියදුරු සමඟ යවා ඇතත්, අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් එය බාරගෙන නොමැත.

කෙසේවුවද, අද පෙරවරුවේ එම රියදුරුට සුදත් මහතා මොටර් රථය අග්‍රාමාත්‍ය කාර්යාලයට ලබාදෙන ලෙස නැවත දැනුම් දී ඇති බව පැවසෙන අතර එහිදී ඔහු රියදුරුට තමාගේ සේවය අවසන් බැවින් එම රථය බාවිතා කළ නොහැකි බවද පවසා තිබේ.

මේ අතර, සුදත් මහතා සොයමින් එජාප ප්‍රබලයින් පැමිණෙන බැවින් ඒ මහතා මේවන විට නිවස මගහැර ගොස් ඇතැයි ද පැවසේ.
« PREV
NEXT »