Friday, March 23, 2018
Home
Gossip Lanka News
ජනපති පාකිස්ථාන ජනරජ දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙයි
ජනපති පාකිස්ථාන ජනරජ දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙයි
-
Friday, March 23, 2018
ශ්‍රී ලංකාව වෙනුවෙන් පකිස්තානයෙන් ලැබුණු ඉහලම ආචාරය අද දිනයේ හිමි වූ බව ලෝකයම ඉදිරියේ අද වාර්තා වුයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද දිනයේ පකිස්තාන ජනරජ දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමත් සමගය.
විශේෂ ආරක්ෂක රථ වාහන පෙළපාලියකින් උත්සව භූමිය වෙත ගිය ජනාධිපතිතුමා පාකිස්ථාන අගමැති ෂහීද් කඛාන් අබ්බාසි මහතා විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.මුළු පකිස්තානයම මෙය දෙස ඒ මොහොතේ සජීවීව නරබමින් සිටියේ ශ්‍රී ලංකාවට මහත් වූ අභිමානයක් ගෙන දෙමින්ය.
අනතුරුව ජනාධිපතිතුමා විශේෂ පීඨිකාව වෙත කැඳවාගෙන යනු ලැබූ අතර පාකිස්ථාන ජනාධිපති මම්නුන් හුසේන් මැතිතුමා, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ පාකිස්ථාන අග‍්‍රාමාත්‍යවරයා, කතානායකවරයා සහ පාකිස්ථාන ති‍්‍රවිධ හමුදාපතිවරු එහි අසුන් ගත්හ.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ පැමිණිමත් සමග උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණු අතර දෙරටේ ජනාධිපතිවරු ඇතුළු පිරිස විශේෂ පීඨිකාවේ සිට හමුදා උත්තමාචාර පෙළපාලිය සහ විචිත‍්‍රවත් ගුවන් හමුදා සංදර්ශනය නැරඹීමට එක්විය.
පාකිස්ථාන හමුදාව මෙන්ම බහරේන්, ජෝර්දාන්, එක්සත් අරාබි එමිර් රාජ්‍ය ඇතුළු රටවල හමුදාවන් මෙම ගුවන් සංදර්ශනය සඳහා එක්ව සිටියහ.
පැය 03 කට ආසන්න කාලයක් පැවති ජන රජ දින සැමරුම් උළෙල අලංකාරවත් සංස්කෘතිකාංග රැසකින් ද වර්ණවත් කෙරිණි.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...