BREAKING NEWS
latest

728x90

468x60

Friday, March 09, 2018

ගෝත්‍රිකයන් පාලකයන් වූ විට නුතනත්වය වෙනුවට වැඩවසම් යුගයට යාමට සිදු වීම නියත සත්‍යයකි - විමුක්ති දුෂාන්ත


පසුගිය දා රජය විසින් ෆේස්බුක්, වට්ස්ඇප් හා වයිබර් සමාජ ජාල අවහිර කිරීම, අවහිර කිරීමක් නොවන බවත් එය අදාල මාධ්‍ය නියාමනය කිරීමක් බවට ද රජය මාධ්‍ය නිවේදන නිකුත් කරමින් පවසා සිටිය ද මේ වන විට රජය එම මාධ්‍ය නිවේදන බොරු කරමින් සැබවින් ම ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට පහර දෙමින් සිටිති.


කෙසේ නමුත් ඊයේ උදෑසන ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු පවසා සිටියේ ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි සහ වට්ස් ඇප්, වයිබර් වැනි ජංගම දුරකථන යෙදවුම් තාවකාලිකව අවහිර කර ඇතත් ඇතැම් පිරිස් විවිධ උපක‍්‍රම මගින් එම වෙබ් අඩවිවලට සහ යෙදවුම්වලට පිවිසෙන බවට තොරතුරු අනාවරණ වී තිබෙන බවයි.

එසේම එවැනි තැනැත්තන් දැන් ඉතා පහසුවෙන් හඳුනාගත හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් අපට ඔවුන්ගෙන් විමසීමට පැනයක් තිබේ.

ඒ, අදාල සමාජ මාධ්‍ය අවහිර කර ඇත්නම් ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ නිල ෆේස්බුක් ගිණුම් ඊයේ දහවල් කාලයේ සිට මේ වන තෙක් ම යාවත් කාලින වන්නේ කෙසේ ද යන්නයි.

එසේම රට තුල උද්ගත වන හදිසි කෝලහාල තත්ත්වයක් සමාජ මාධ්‍ය වාරණය කර පාලනය කිරීමට වන තරමට ම රාජ්‍ය යාන්ත්‍රණය දුර්වල වී ඇත්දැයි අපට ගැටළුවක් තිබේ.

එසේම වෙනත් රටක නම් මෙවැනි තත්ත්වයක් හමුවේ නිතිය හා සාමය අමාත්‍යවරයා ඇතුළු වගකිව යුතු සියලු දෙනා ඉල්ලා අස්වී යන ආදර්ශයන් තිබුණ ද අවාසනාවකට නුතනත්වයේ සිට ගෝත්‍රිකත්වය දක්වා පල්ලම් බහින පාලන යුගයක එවන් ආදර්ශයන් තව දුරටත් සිහිනයක් පමණක් විය හැක බව ද අප අවබෝධ කර ගත්තෙමු.


විමුක්ති දුෂාන්ත
« PREV
NEXT »