BREAKING NEWS
latest

728x90

468x60

Saturday, March 17, 2018

ඤාණසාර හිමි ජපාන ගියේ ජනාධිපති ධුත පිරිස සමගද - විශේෂ නිවේදනය මෙන්න : Gnanasara Thero

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මේ දිනවල නිරතව සිටින ජපාන නිල සංචාරයේ ධුත පිරිස අතරට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුලත්ව ඇතැයි පලවන වාර්තා අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඒ බව සදහන් කරමින නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වෙයි.

ජනාධිපතිතුමාගේ ජපාන රාජ්‍ය සංචාරයට අදාළව ජනාධිපතිතුමා සමග ජපානයට ගිය ශ‍්‍රී ලංකා දුත පිරිස අතරට ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ද එක්ව සිටි බව පවසමින් මේ දිනවල සමාජ මාධ්‍ය ජාල හා වෙඞ් අඩවිවල පළවන ප‍්‍රවෘත්ති, කිසිදු සත්‍යතාවයකින් තොර අසත්‍ය ප‍්‍රවෘත්ති බව දන්වා සිටිමු.

ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ජනාධිපතිතුමාගේ සංචාරයට පෙර පෞද්ගලික සංචාරයක් සදහා ජපානයට වැඩම කර තිබූ අතර, ජපානයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් සංවිධානය කළ ජනාධිපතිතුමා සහ එරට වෙසෙන ශ‍්‍රී ලාංකිකයන්ගේ සුහද හමුව සදහා ජපාන විහාරස්ථානවල නායක ස්වාමීන් වහන්සේලා සමගින් උන්වහන්සේ ද සහභාගී වී ඇත.

එම අවස්ථාවේ දී ලබාගෙන ඇති ඡුායාරූප කිහිපයක් භාවිතා කරමින්, ජනාධිපතිතුමාගේ ¥ත පිරිස අතරට ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ එක් වූ බව පවසමින් සමාජ මාධ්‍ය ජාල හා වෙබ් අඩවිවල පළවන ප‍්‍රවෘත්තිවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව දන්වා සිටිමු.

ජනාධිපති මාධ්‍ය අංශය
« PREV
NEXT »