BREAKING NEWS
latest

728x90

468x60

Friday, March 02, 2018

ගොවීන්ට ගහන්න තරම් ආණ්‌ඩුව කුරිරු වෙලා - හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

ගොවිතැනට අවශ්‍ය වතුර ඉල්ලන්න ගිය මිනිසුන්ට එළව එළවා ගහන්න තරම් මේ ආණ්‌ඩුව අද කුරිරු වී ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඊයේ (01 වැනිදා) ප්‍රකාශ කළේය.


වතුර ඉල්ලමින් එසේ උද්ඝෝෂණය කළ කාන්තාවන් ඇතුළු හැටකට ආසන්න පිරිසක්‌ බන්ධනාගාරගත කර ඇති බවත් පළාත් පාලන මැතිවරණයේදී ජනතාව පොහොට්‌ටුවට ඡන්දය දුන්නේ මේ හේතුන් නිසා බවත් හිටපු ජනාධිපතිවරයා කීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයක්‌ පිළිබඳ කතාවෙන් පේන්නේ අගමැතිවරයාට ආණ්‌ඩුව ඇතුළෙම පිළිගැනීමක්‌ නැති බවත් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ කාල්ටන් නිවසේදී ඊයේ (01 වැනිදා) පැවැති පෝදා පිංකම් වැඩසටහනින් අනතුරුවය.

එම වැඩසටහනින් පසුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා ඉහත අදහස්‌ ප්‍රකාශ කළේය.
« PREV
NEXT »