BREAKING NEWS
latest

728x90

468x60

Saturday, March 03, 2018

මලික් සමරවික්‍රම ආයෝජන මණ්ඩලය කෙලෙසයි - Malik Samarawickrama

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීමේ අරමුණ පෙර දැරි කොටගෙන 1978 දී පිහිට වූ මහකොළඔ ආර්ථික කොමිසම (Greater Colombo Economic Commission (GCEC) ) තම ගජමිතුරු සේවනයට බිලිදුන් මලික් සමරවික්‍රම ඇමතිවරයා පිළිබදව පාරිභෝගික අයිතීන් පිළිබද සංවිධානය හෙළිදරව්වක් කර ඇත.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයයේ වර්තමාන අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ වැටුප විශාල මුදලකින් වැඩි කරගෙන හිතුමතේ කටයුතු කිරීමට විශයය භාර ඇමැතිවරයා ඉඩදී ඇතැයි ඒ සංවිධානය චෝදනා කරයි.

මේ එහි කැදවුම්කරු රංජිත් විතානගේ විසින් නිකුත් කර ඇති නිවේදනයයි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂක ජෙනරාල්ගේ වැටුප හිතුමතේ විශාල ලෙස වැඩි කර ගැනීමට ඉඩ හැර ඇමති මලික් ජනතා මුදල් විනාශ කිරීමට අනු බල දීලා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීමේ අරමුණ පෙර දැරි කොටගෙන 1978 දී මහකොළඔ ආර්ථික කොමිසම (Greater Colombo Economic Commission (GCEC) ) පිහිට වූ අතර රටේ ආර්ථිකය කොළඔට පමණක් සීමා නොකිරීමට 1992 දී එනම් මහකොළඔ ආර්ථික කොමිසම පිහිටුවා අවරුදු 14 ක ඇවෑමෙන් පසු 1992 දී එය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ලෙස නම් කරන ලදී.

ආරම්භයේදී සභාපති තනතුර හා අධ්‍යක්ෂක ජෙනරාල් තනතුර එක් අයෙක් පමණක් දැරූ අතර 2014 අගභාගයේදී පමණ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අධ්‍යක්ෂක ජෙනරාල් තනතුරක් වෙනම පිහිටුවන ලදී. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති තනතුරු හෙබ වූ සමහර කීර්තිමත් නිලධාරීන් සිය වැටුප පවා ලබා නොගත් අතර සමහර සභාපතිවරු ලබා ගත්තේ සොච්චම් වැටුපක් පමණි.

මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයයේ වර්තමාන අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ වැටුප විශාල මුදලකින් වැඩි කරගෙන ඇත. අප සංවිධානයට දැනගන්නට ලැබුණු ආකාරයට රුපියල් ලක්ෂ 3 ක් වූ ඔහුගේ වැටුප දැන් 150% පමණ වැඩි වී ඇත. මේ පිලිබදව විමසා අප විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ විමසීමක් ද කර ඇත. මෙසේ වැටුප් වැඩිවීමක් සදහා මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබා ගත යුතු වූව ද අපට දැනගන්නට ලැබුණු ආකාරයට එසේ අනුමැතියක් ලබා ගෙන නැත.

මෑත කාලයේ ශ්‍රී ලංකාවට විශාල ආයෝජන ලැබුණු බවට තොරතුරු සකසා තම වැටුප වැඩිකරගත් අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ඒ සදහා හම්බන්තොට වරාය බදු දී ලැබුණු මුදලද එකුතු කොට ඇත. දේශීය හා විදේශීය ආයෝජකයන්ගේ ආයෝජන ව්‍යාපෘති සදහා අනුමැතිය ලබා දීමට විශාල කාලයක් ගනු ලබන වර්තමාන අධ්‍යක්ෂක ජෙනරාල්වරයා නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය නොකොට තමාට හිතවත් නිළධාරීන් සදහා උස්ස්වීම්ද පිරිනමා ඇත.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය භාරව කටයුතු කරන ඇමතිවරයා වන්නේ මලික් සමරවික්‍රම ඇමැතිවරයාය. මෙම සිදුවීම් ඔහු හොදින් දන්නවා විය යුතුය. එසේනම් මේ රටේ ජනතාවගේ මුදල් විනාශ කිරීමට ඔහු අනුබල දෙන්නේ ඇයි ද? යන්න අපට ගැටලුවකි.

අගමැතිතුමනි, මෙය යහපාලනයද? යන්න අප ඔබගෙන් අසන අතර පාරිභෝගිකයා පොල් රුපියල් 100 යට මිලදී ගන්නේ මෙසේ ජනතාවගේ මුදල් විනාශ වන නිසාද යන්නත් අප රජයෙන් අසමු.

මෙයට, විශ්වාසි

රංජිත් විතානගේ – සභාපති

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය
« PREV
NEXT »