BREAKING NEWS
latest

728x90

468x60

Monday, April 23, 2018

දින 100න් රටේ ආර්ථිකය හදන්න යනවලු

දින සියයෙන් රටේ ආර්ථිකය ගොඩනැංවීමට තමන් සූදානම් බවත්, ඒ සඳහා දක්ෂ නිලධාරීන් පිරිසක් සමග එම අභියෝගයට මුහුණදෙන බවත් එ.ජා.ප. උප නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසා සිටියේය.

පසුගියදා තොටළඟ එ.ජා.ප. කාර්යාලයේ පැවති උත්සව අවස්ථාවකට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය. එම උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රවි කරුණානායක මහතා වැඩිදුරටත් පවසා සිටියේ,

"ජනතාව පීඩාවට පත්කිරීමේ අනවශ්‍ය බදු පැනවීම්වලට මම තරයේ විරෝධය පළ කරනවා. මේ වනවිට රත්‍රන් සඳහා පනවා ඇති 15% බදු පැනවීම අනවශ්‍ය දෙයක් බව මගේ හැඟීමයි. ආණ්ඩු වෙනස් වුණාට, දේශපාලඥයන් පිටුපස යන නිලධාරීන් වෙනස් නොවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙවැනි ආර්ථික ව්‍යාකූල තත්ත්වයන්ට රට මුහුණ දෙමින් පවතිනවා. අද රටේ ආර්ථිකය ගැන ජනතාව විවිධ අදහස් මතුකර තිබෙනවා. දක්ෂතා ඇති පුද්ගලයන් සඳහා නිසි තැනක් නොලැබීම නිසා මේ තත්ත්වය උත්සන්න වෙලා. කෙසේ වෙතත් දින සියයෙන් රටේ ආර්ථිකය ගොඩනැංවීමට මා සූදානම්. ඒ සඳහා දක්ෂ නිලධාරීන් පිරිසක් සමග එම අභියෝගයට මුහුණදීමටත් මා සූදානම්" යැයි පවසා සිටියේය. 
අනේ රවී, ඩෝන්ට් බී සිලී

මේ පිළිබඳව Info Sri Lanka වෙබි අඩවිය කල විමසුමක දී ආර්ථික හා දේශපාලන විචාරකයෙක් පවසාඇත්තේ හිටපු මුදල් අමාත්‍යවරයාගේ සමයේ මෙරට ආර්ථිකය සිදුවූ හානිය මෙරට ජනතාවට අමතක නොමැති බවයි.

එසේම අද බදු ගැන කිඹුල් කඳුළු හෙලන අමාත්‍යවරයාව එකල ඔහු පැනවූ බදු නිසා ම 'VAT MAN' ලෙස ප්‍රකට වූ බව ද ප්‍රකාශ කළේය.

එසේම හිටපු අමාත්‍යවරයාට දින 100ක් නොව ආසන්න වශයෙන් දින 850කටත් අධික කාලයක් ආර්ථිකය ගොඩනංවන්නට කාලය තුබූ බවත්, තවදුරටත් ජනතාව රැවටීමට මොවුන්ට නොහැකි බවත් අවධාරණය කල විචාරකයා හිටපු අමාත්‍යවරයාට කිව යුත්තේ 'අනේ රවී, ඩෝන්ට් බී සිලී' යනුවෙන් බවත් පවසා සිටියේ ය. 

වැදි බණ පසුපස රන් ජාවාරම ජයටම

මේ අතර ලංකාව මේ වන විට දකුණු ආසියානු කළාපයේ රත්තරං ජාවාරමේ මර්මස්ථානයක්ව තිබෙන බව තහවුරු කරන පුවතක් ඊයේද (22) වාර්තා විය.ලංකාව මේ වන විට දකුණු ආසියානු කළාපයේ රත්තරං ජාවාරමේ මර්මස්ථානයක්ව තිබෙන බව තහවුරු කරන පුවතක් ඊයේද (22) වාර්තා විය.

ඒ නීති විරෝධී ආකාරයට ඉන්දියාවේ මුම්බායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගී යුවළක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගැනීමත් සමඟය. රේගු ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට අත්අඩංගුවට ගනුලැබූ රත්තරන් තොගයේ මුළු වටිනාකම රුපියල් 91,13,850 ක් පමණ වෙයි. කොළඹ , මරදාන ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික යුවළක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර විමර්ශන වලදී හෙළිවී ඇති ආකාරයට ඔවුන් සුදානම්ව සිට ඇත්තේ අලුයම 5.45 ට පමණ ඉන්දියාවේ මුම්බායි බලා පිටත්ව යන ජෙට් එයා වේස් ගුවන් සේවයේ 9 ඩබ්ලිව් - 255 දරන ගුවන් යානය හරහා මෙම රත්තරං තොගය ගෙන යාමටය.

මේ වන විට ආනයනික රත්තරං සඳහා වටිනාකම පදනම් කරගනිමින් 15%ක බද්දක් පැනවීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තීන්දු කරනු ලැබුවේ මෙම කූට ජාවාරමද වැළක්වීමේ අපේක්ෂාවෙන් වන බවත් ඒ හමුවේ ජාවාරම සඳහා රන් ආනයනය සීමා වෙතැයි විශ්වාස තැබිය හැකි බවද රේගු ආරංචිමාර්ග සඳහන් කරයි.

එසේම මේ ජාවාරම හේතුවෙන් අතිවිශාල බදු මුදලක් මෙන්ම විදෙස් විනිමය ප්‍රමාණයක් රටට අහිමි වන බවද රේගුව පෙන්වා දෙයි.

ආනයනික රත්තරං සඳහා පෙර තිබු 9%ක සහනදායි බද්ද උපයෝගී කරගෙන මහා පරිමාණයෙන් රට තුළට රත්තරං තොග ආනයනය කර ඇති නමුත් ඒ මත වෙළඳපොළේ මිල අඩුවීමක් හෝ ස්වර්ණාභරණ ලෙස රත්තරං අපනයනය කිරීමේ වර්ධනයක් පෙන්නුම් නොකරන බවද රේගු ආරංචිමාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

බදු වැඩි කිරීම ජාවාරම අධෛර්යමත් කිරීමට දායකවීමක් 

මේ සම්බන්ධව අප කළ විමසුමකදී මුල්‍ය වෙළඳපොල විශ්ලේෂකයකු සඳහන් කර සිටියේ තීරු බදු සහන මත මෙරටට ආනයනය කළ රන් තොග ජාවාරමක් ලෙස පිටරට පැටවීම ඉතා සුක්ෂමව සිදුවෙන බවත් ඒ මත වෙළඳපොල රන් මිල තීරණයවීම කෙසේ වෙතත් කළු සල්ලි ඉපයීම ජයට සිදුවන බවය.


එසේම රත්තරං ආනයනයට සාපේක්ෂව දේශීය වෙළඳපොල මිල පහළ යාමක් හෝ රන් නිෂ්පාදන අපනයනයේ වර්ධනයක් සිදුව නොමැති බැවින් ජාවාරම් සඳහා බාධකයක් නව බදු සංශෝධනය හරහා සිදුවන බව ඔහුද තහවුරු කර සිටියේය.
« PREV
NEXT »