BREAKING NEWS
latest

728x90

468x60

Monday, April 02, 2018

4 වැනිදාට අගමැති ගෙදර යවලයි අපි පස්‌ස බලන්නේ යැයි මෛත්‍රී ගුණරත්න පවසයි | Maithri Gunaratne

අපි මේ පා ගමන ආරම්භ කළේ අගමැතිවරයා රට වැනසූ බැඳුම්කර වංචාවට එරෙහිවයි. 04 වැනිදාට අපි අගමැතිවරයා ගෙදර යවලයි පස්‌ස බලන්නේ." යෑයි එක්‌සත් ජාතික නිදහස්‌ පෙරමුණේ මහලේකම් නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ඊයේ (01 වැනිදා) පැවැසූ බව දිවයින පුවත්පත සදහන් කරයි.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එම ධුරයෙන් ඉවත්වන ලෙස ඉල්ලා ආරම්භ කළ ජනබල අරගල පාගමනේ නිරතව සිටියදී ඒ මහතා එසේ කීය.

මෙම පා ගමන පෙරේදා (31 වැනිදා) මහනුවර, ගැටඹේ විහාරස්‌ථානය ඉදිරිපිටින් ආරම්භ වූ අතර පළමු අදියරය මාවනැල්ලෙන් අවසන් විය. දෙවැනි අදියරය ඊයේ (01 වැනිදා) මාවනැල්ලේ සිට නෙළුම්දෙණිය දක්‌වා යන අතර මෛත්‍රී ගුණරත්න මහතා මෙසේ කියා සිටියේය.

අපිව අත්අඩංගුවට අරන් හිරේ දාලා මේ ගමන නවත්වන්න හම්බවෙන්නේ නැහැ. අපි හිරේ ගියත් මේ පා ගමන ඒ විදිහටම යනවා. 04 වැනිදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන වශ්වාසභංගය ජයග්‍රහණය කරන්න අගමැතිතුමා නොයෙකුත් උපක්‍රම යොදනවා. ඒ නිසයි අපි කල්පනා කළේ අගමැතිවරයාට එරෙහිව ජන අරගලයක්‌ පටන් ගන්න.

ගජ මිතුරු හවුලත් එක්‌ක අගමැතිතුමා රටේ ආර්ථිකය වනසලා. ඒකට විරුද්ධව තමයි අපි මේ ගමන ඇරඹුවේ. අපි කොළඹ දක්‌වාම මේගමන යනවා.

අගමැතිවරයා ගෙදර ඇරියාම ඒ සඳහා ජ්‍යෙෂ්ඨයන් ඉන්නවා. රංජිත් මද්දුමබණ්‌ඩාර, සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය වගේ මහත්වරුන්ට අගමැතිකම දුන්නට ප්‍රශ්නයක්‌ නැහැ.

ජනබල අරගල පා ගමන අද (02 වැනිදා) නෙළුම්දෙනිය නගරයේ සිට නිට්‌ටඹුව දක්‌වාත්, හෙට (03 වැනිදා) නිට්‌ටඹුව නගරයේ සිට කිරිබත්ගොඩ දක්‌වාත්, 04 වැනිදා කිරිබත්ගොඩ සිට පාර්ලිමේන්තුව දක්‌වාත් ගමන් කිරීමට නියමිතය.


« PREV
NEXT »