BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, April 10, 2018

විශ්වාස භංගයට පක්ෂ වුණානම් ජනාධිපති කිව්වත් මමනම් ආණ්ඩුවේ ඉන්නේ නැහැ - ඇමැති අර්ජුන කියයි | Arjuna Ranatunga

අග‍්‍රාමාත්‍යතුමාට සහ ආණ්ඩුවට විරුද්ධව ගෙනා විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නේ නම් තමන් තවදුරටත් ආණ්ඩුවේ නොසිටින බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. එතුමා මේ බව පැවසූවේ පසුගියදා කුරුණාගල වෙලගෙදර ක‍්‍රීඩාංගණයේ පැවැති ක‍්‍රීඩා උත්සවයකට සහභාගි වීමෙන් පසුව මාධ්‍යවේදීන් නැඟූ ප‍්‍රශ්නවලට පිළිතුරු සපයමිනි. එහිදී එතුමා වැඩිදුරටත් කියා සිටියේ,


“විශ්වාසභංගය ගේනන අවශ්‍ය වුණේ ඒකාබද්ධ කණ්ඩායමට. ඒක පරාජය වුණා. ඒකට සහයෝගය දුන්න අය ගැන මම දන්නේ නැහැ. නමුත් මම ඒකට සහයෝගය දුන්නා නම්, පක්ෂව ඡන්දය දුන්නා නම්, ඇමැති මණ්ඩලයේ තවදුරටත් සිටීමට සදාචාරාත්මක අයිතියක් මට නැහැ. මම යෝජනාවට සහයෝගය දුන්නා නම්, පක්ෂව ඡන්දය දුන්නානම් මම අනිවාර්යෙන්ම ඇමැති මණ්ඩලයෙන් ඉල්ලා අස්වෙනවා. ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා කියනකම් ඉන්නේ නැහැ. ඒක තමයි ප‍්‍රතිපත්තිය විය යුත්තේ. එහෙම නැතිව තානාන්තර බලගෙන කටයුතු කිරීම මගේ ප‍්‍රතිපත්තියක් නෙමෙයි. හැබැයි ජනාධිපතිතුමායි අගමැතිතුමායි ඉදිරියේදී තීරණ ගනියි. ඒ ගැන අපි බලාගෙන ඉන්නවා. වැරදි දේවල් වෙනවා නම් ඒ ගැනත් අනිවාර්යෙන්ම කථා කරනවා....” යනුවෙනි. ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ඇතැම් අවස්ථාවලදී ජනාධිපතිතුමා අසරණ කිරීමට ඇතැම් අය උත්සාහ දරන බවයි.

“ඇත්තටම විශ්වාස භංගය යෝජනාවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිපදෙනෙක් අහුවුණා. ඒ අය විශ්වාස භංග යෝජනාවට සහයෝගය දීමෙන් සිදු කළේ ජනාධිපතිතුමාව අසරණ කිරීම. නමුත් අපි දන්නවා විස්වාශ භංග යෝජනාව නිසා අපේ ආණ්ඩුව ශක්තිමත් වුණා. දැන් ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් තියෙන්නේ එකට එක් වී මේ රටේ ඉතිරි වැඩකටයුතු සිදු කිරීම. පසුගිය අවුරුදු තුනේදීම හොරු ඇල්ලීම දූෂිතයින්ට දඩුවම් දීම සිදු වුණේ නැහැ. දැන්වත් ඒ ගැන ඇස් ඇරලා කටයුතු කිරීම ඉතාම වැදගත් වනවා. ඒ සඳහා දේශපාලනඥයින් ලෙස අපි නීතිය අතට ගන්න හොඳ නැහැ. උසාවි මාර්ගයෙන් නීති ක‍්‍රමවේදය අනුව කටයුතු කිරීම වැදගත් වනවා.....” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේය. ආණ්ඩුව පළාත්සභා ඡන්දය නියම කාලයට පත්වනු ඇතැයිද ආණ්ඩුව මහජනතාවගේ පැත්තේ සිට කටයුතු කළහොත් එම මැතිවරණයෙන් යහපත් ප‍්‍රතිඵලයක් ලබා ගත හැකි බවද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.


« PREV
NEXT »