BREAKING NEWS
latest

728x90

468x60

Friday, April 13, 2018

මෛත‍්‍රී පිල, රනිල් පිල, මහින්ද පිල ලෙස ශ‍්‍රීලනිපය තුනට කැඩේ

ශ‍්‍රීලනිප මහින්ද පිල, ශ‍්‍රීලනිප මෛත‍්‍රි පිල, ශ‍්‍රිලනිප රනිල් පිල ලෙස අද වන විට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය කොටස් තුනක් කැඩී ගොස් ඇතැයි ඒකාබද්ද විපක්‍ෂය සදහන් කරයි.
ඒකාබද්ද විපක්‍ෂයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා සදහන් කරන්නේ ශ‍්‍රිලනිප රනිල් පිල නියෝජනය කරන සන්ධාන මහ ලේකම් හා ශ‍්‍රීලනිප මහ ලේකම්වරුන් රනිල් සමග තව දුරටත් ඇමති ධුර දරමින් සිටින බවයි.

ධුරයන් අතහරින ලද 16 දෙනා විපක්‍ෂයේ වෙනම සිටීමෙන් සිදුවන්නේ රනිල් පාර්ශවය ශක්තිමත් වන නිසා ඒකාබද්ද විපක්‍ෂය සමග එක්වන ලෙස ඔවුනගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා කියයි.
එසේ කිරීමට සූදානම් නැතිනම් ඇමතිකම් දරාගෙන තව දුරටත් සිටීම හොද බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
« PREV
NEXT »