BREAKING NEWS
latest

728x90

468x60

Thursday, April 12, 2018

"විශේෂයෙන් කියන්නේ මුලින්ම අපේ ඇමතිතුමාගේ නම කියන්න "- ඊයේ ලංකාවට ආපු බර ඉසිලීමේ කණ්ඩායමට ලොක්කේ උපදෙස් දෙන හැටි

21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළට සහභාගී වී පදක්කම් රැගෙන ශ්‍රී ලංකා බර ඉසිලීමේ කණ්ඩායම ඊයේ (11) දිවයිනට පැමිණියා. එම අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ඇතුලු පිරිස ගුවන්තොටුපලේදී ඔවුන්ව පිළිගත්තා.

 අනතුරුව ගුවන් තොටුපොළේ විශේෂ අමුත්තන් සදහා වූ ප්‍රදේශයේ දී ක්‍රීඩා ඇමති ඇතුලු බර ඉසිලීමේ සංගමයේ සභාපති සහ ක්‍රීඩකයන් අතර සුහද හමුවක්ද පැවැත් වූ අතර එම අවස්ථාවේදී බර ඉසිලීමේ ක්‍රීඩාව භාර ඉහල නිලධාරියෙකු විසින් ක්‍රීඩකයන්ට ලබාදෙන අපූරු උපදේශයක් මේ වන විට අන්තර්ජාලයේ කතා බහට ලක්වෙමින් තිබෙනවා.

 ඒ අනුව ඔහු කියා සිටින්නේ කණ්ඩායමේ ජයග්‍රහණය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වද්දී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ගේ සහ තවත් නිළධාරීන්ගේ නම් මතක් කරන ලෙසටයි. අදාල වීඩියෝව පහතින්.

« PREV
NEXT »