BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, April 24, 2018

රටම අදුරේ හෙළන විදුලි ව්‍යාපාර මාෆියාවට සිරසත් හවුල් ?

විදුලි අර්බුදය 

ශ‍්‍රී ලංකා විදුලි බල මණ්ඩලය පසුගිය වසරේදී රුපියල් කෝටි 4,500 ක දැවැන්ත පාඩුවක් ලබා ඇතැයි ශ‍්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි. එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාර වඩුගේ මහතා පසුගියදා (18) පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් ප‍්‍රකාශ කලේ, මෙම වසරේ මෙම අලාභය රුපියල් කෝටි 5,000 ඉක්මවනු ඇති බවයි. 

2014 වසරේ ඉදිකෙරුණු නොරොච්චෝලේ බලාගාරයේ අවසන් අදියරෙන් පසුව මෙරට කිසිදු විදුලි ජනන බලාගාරයක් ඉදිකෙරී නොමැත. වැඩිවෙමින් පවතින විදුලි ඉල්ලූම සපුරාලීමට හදිසි විදුලිය මිලදී ගැනීම් සඳහා යොමුවීම නිසා විදුලි බල මණ්ඩලයට මෙම පාඩුව අත්වීඳීමට සිදුව තිබේ. මෙරට විදුලි බල ක්ෂේත්‍රයේ වසරකට දළ වශයෙන් මෙගාවොට් 300 කට වැඩි විදුලි ඉල්ලූමක් අලූතින් එක්වන අතර එමු විදුලි ඉල්ලුම සපුරාලීමට අඩු ඒකක පිරිවැයක් සහිත නව විදුලි ජනන බලාගාර රටතුල ඉදිවිය යුතුය. 

බලාගාර ඉදිකිරීමේ ප‍්‍රමාදය 

විදුලි බල මණ්ඩලයට හදිසි විදුලිය සපයන ප‍්‍රබල ව්‍යාපාරිකයෙකු විසින් විදුලි බලාගාර ඉදිකිරීම හා සම්බන්ධ ටෙන්ඩර් මණ්ඩල සහ ඊට සම්බන්ධ පාර්ශව වෙත අල්ලස් ලබා දෙමින් උපක‍්‍රමිකව බලාගාර ඉදිකිරීමට අදාල ටෙන්ඩර් කටයුතු අඩපණ කර ඒ හරහා රට විදුලි අර්බුධයක් වෙත ඇද දමා රුපියල් බිලියන ගණනක ලාබයක් ලබන බව බලශක්ති ක්ෂේත‍්‍රය තුල දැඩිව කතාබහට ලක්වන කරුණකි. 

මෙම බලාගාර ඉදිකිරීම පමා කිරීම හරහා වසරකදී වැඩි වන මෙගාවොට් 300 ක බලශක්ති ඉල්ලූම සපුරාලීම සඳහා හදිසි විදුලිය මිලදී ගැනීමට සිදුවන අතර ඒ සදහා වසරක් තුලදී දැරිය යුතු අතිරේක පිරිවැය රුපියල් බිලියන 45 ඉක්මවනු ලබයි. 

කෙරවළපිටිය ප‍්‍රදේශයේ ඉදිකිරීමට නියමිතව තිබූ මෙගවොට් 350 ක ධාරිතාවයකින් යුතු නව ස්වාභාවික වායු විදුලි බලාගාරයේ (LNG Power Plant) ටෙන්ඩරයද මේ සඳහා හොද උදාහරණයක් වන අතර තාක්ෂණික ඇගයීම් කමිටුව නිර්දේශ කල දේශීය සමාගමක් විසින් අවම ලංසුව ඉදිරිපත් කර තිබියදී, ඊට අදාළ ටෙන්ඩරය වෙනත් විදේශීය සමාගමක් වෙත පැවරීමට යම් පාර්ශවයක් විසින් දැඩි ආයාසයකින් කටයුතු කරමින් සිටින බව වාර්තා වී ඇත. මෙලෙස අවම ලංසුව ඉදිරිපත් කල සමාගම නොසලකා වෙනත් සමාගමකට ටෙන්ඩරය ලබා දුනහොත් සිදුවන පාඩුව රුපියල් බිලියන 40 ඉක්මවන බව බලශක්ති ක්ෂේත‍්‍රයේ විශේෂඥයෝ පෙන්වා දෙති. 

පසුගියදා මාධ්‍ය වෙත අදහස් පළකල විදුලි බල අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය බී. එම්. එස්. බටගොඩ මහතා මෙම බලාගාර ටෙන්ඩරය, තාක්ෂණික ඇගයීම් කමිටුව නිර්දේශ කල සමාගම් අතරින් අවම ලංසුව ඉදිරිපත් කල සමාගම වෙත පැවරීමට තීරණය කර ඇති බව ප‍්‍රකාශ කරන ලදි. එය ඉතා හොද තීරණයක් වන නමුත් තවමත් ඒ සඳහා වන සම්පූර්ණ අවසරය ලබාදී නොමැතිවීම කණගාටුවට කරුණකි. 

විදුලි මාෆියාවට එකතුවුණු රූපවාහිනී නාලිකාව 

ස්වාභාවික වායු විදුලි බලාගාර ටෙන්ඩරය ලබාදීමට අදාළ ක‍්‍රියාපටිපාටිය මෙසේ දිනෙන් දින පමා වෙමින් තිබියදී, එක්වරම ශ‍්‍රී ලංකාවේ විදුලි අර්බුදය සහ බලාගාර ටෙන්ඩරය පිළිබඳව සිරස මාධ්‍ය ජාලයේ විශේෂ අවධානයට ලක්ව ඇත. පසුගිය දින කිහිපය පුරා ඔවුන් විසින් සිය දෛනික ප‍්‍රවෘත්ති විකාශයේදී මේ පිළිබඳව විශේෂයෙන් වාර්තා කරන ලදි. 

විදුලි අර්බුදය සහ ඊට විසදුම් ලබාදීමට පමාවීම සම්බන්ධයෙන් කරුණු සොයාබැලීම හා වාර්තා කිරීම රටේ ඕනෑම ජනමාධ්‍ය ආයතනයකට හෝ කවර පාර්ශවයකට වුවද අයිතිවාසිකමක් ඇති අතර එය එසේ කල යුතුද වන්නේය. 

නමුත් සිරස මාධ්‍ය ජාලයට බලශක්තිය පිළිබඳ විශේෂ කැක්කුමක් ඇතිවී ඇත්තේ, රට පිළිබඳ වූ සද්භාවය නිසා නොව පෙරකී ඇමරිකානු ඩොලර් මිලියන 250ක වටිනාකමකින් යුතු ස්වාභාවික වායු විදුලි බලාගාරය ඉදිකිරීමේ ටෙන්ඩරය, ටෙන්ඩර් ඇගයීම් ක‍්‍රියාපටිපාටියේදී ප‍්‍රතික්ෂේප කෙරුණු කොරියාවේ සැම්සුන්ග් සමාගමට ලබාදීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීම බව අනාවරණය වී ඇත. 

සිරස නොහොත් කැපිටල් මහරාජා ව්‍යාපාර සමූහයේ කුප‍්‍රකට ඞීල්කරුවකු වන නිමල් කුක්ගේ සහ කැපිටල් මහරාජා සමූහයේ ප‍්‍රධාන විධායක නිලධාරී ශෙවාන් ඩැනියල් යන පුද්ගලයින් විසින් සැම්සුන්ග් සමාගම ඉදිරිපත් කරමින් ඉහළ මිලකට විදුලි ඒකකයක් නිපදවන LNG බලාගාරයක් ස්ථාපිත කිරීම මඟින් අති විශාල මූල්‍ය ලාභයක් හිමිකර ගැනීමට සැළසුම් සකස් කරමින් සිටී. 

මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපති ධුරය හිමිකර දීම සඳහා 2015 වර්ෂයේ ප්‍රමුඛ මාධ්‍ය සහයක් ලබාදුන් සිරස මාධ්‍ය ජාලය 2019 ජනාධිපතිවරණයේදී ද ඊට නොදෙවෙනි සහයක් ලබාදී නැවතත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරවීමට අවශ්‍ය මාධ්‍ය මෙහෙවර සිදුකරදීමට මෙම ව්‍යාපෘති ආශ්‍රයෙන් එකඟතාවක් ඇතිකරගෙන ඇතැයිද තොරතුරු අනාවරණය වේ. 

රටේ විදුලිබල අවශ්‍යතාව සපුරාලීමටත්, ඒ සඳහා විනිවිද භාවයකින් යුතු ක්‍රමවේදයක් අනුගමනය කිරීමටත් රජය වහ වහාම කටයුතු කළ යුතු බව අපගේ අදහසයි.
« PREV
NEXT »