BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, April 03, 2018

නව බද්දට එරෙහිව මහින්ද සටනට

ආණ්‌ඩුවේ අසාධාරණ බදු ක්‍රමයට එරෙහිව ජනතාවගේ සහයෝගයෙන් රට පුරාම දැවැන්ත විරෝධතාවක්‌ ක්‍රියාත්මක කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඊයේ (2දා) පැවසීය.

ජනතාව සූරාකන මෙම අසාධාරණ බදු ක්‍රමය නිසා ආණ්‌ඩුව පිළිබඳව ජනතා විශ්වාසය දිනෙන් දිනම ඈත් වන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා නව බදු ක්‍රමයට එරෙහි විරෝධය සිදු කරන ආකාරය තීරණය කිරීමට ඒකාබද්ධ විපක්‌ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිවුදෙනකුගෙන් සමන්විත කමිටුවක්‌ පත් කරන බවද කීය.

ආණ්‌ඩුව කරන කියන දේවල් ආණ්‌ඩුවේ අයටත් තේරුම් ගැනීමට නොහැකි බව පැවසූ මහින්ද රාජපක්‌ෂ මහතා ආණ්‌ඩුව පිරිහී ඇතැයි ආණ්‌ඩුවේම මැති ඇමැතිවරුන් පවා හොඳින් දන්නා බව කීවේය.


බැංකු පොලියෙන් පමණක්‌ ජීවත් වන මිනිස්‌සු ඉන්නවා. රැකියාවෙන් විශ්‍රාම ගිය උදවිය ඇතුළු විශාල පිරිසක්‌ මේ විදිහට බැංකු පොලියෙන් ජීවත් වෙනවා. ආණ්‌ඩුව දැන් ඒ පිරිසත් තරහ කරගෙන ආණ්‌ඩුවෙන් කළ යුතු සේවාවන් රැසක්‌ තිබියදී අහිංසක ජනතාවට මේ විදිහට හිරිහැර කිරීම ඉතාමත් අසාධාරණයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවෙන් පසු ඒකාබද්ධ විපක්‌ෂය ඊළඟට සූදානම් වෙන්නේ නව බදු ක්‍රමයට එරෙහිව විරෝධය දැක්‌වීමයි.

නෝමන් පලිහවඩන
« PREV
NEXT »