BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, April 25, 2018

මහින්දානන්ද කිසිම වරදක් කරලා නෑ – ඒකාබද්දෙට සෙට් වෙන්න ළකුනු දමා ගන්න දයාසිරි කියයි

ගිය රජය සමයේ කැරම් බෝඩ් ගෙන්වීමේදී ක‍්‍රීඩා ඇමතිව සිටි මහින්දානන්ද අලුත්ගමගේ මහතා කිසි වංචාවක් සිදුකර නැතැයි හිටපු ක්‍රීඩා ඇමැති ලෙස තමන් වගකීමෙන් පවසන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර පවසයි.

FCID යනු නීති විරෝධී ආයතනයක් බවත් එය ස්ථාපිත කර ඇත්තේ එජාපයේ උවමනාවට විරුද්ද දේශපාලඥයන්ගෙන් පලි ගැනීම සදහා බවත් පවසන මන්ත‍්‍රීවරයා වහාම පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසුරුවා හැරිය යුතු යයිද සදහන් කරයි.

මහින්දානන්ද මහතා ශ‍්‍රීලනිපයේ හා සන්ධානයේ සමගිය වෙනුවෙන් විශාල කාර්යයක් කල බවත් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ එජාප වුවමනාවට බවත් ඔහුවට උවමනා වී ඇත්තේ කෙසේ හෝ ශ‍්‍රීලනිපය දෙකඩ කිරීම බවත් දයාසිරි ජයසේකර මහතා කියා සිටී.

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණිලි කිරීම් සිදු කරන්නේ ආණ්ඩුවේ ප්‍රධානියකුගේ කාර්යාලයෙන් යයිද සදහන් කරන ඔහු මෙම දඩයමේ ඇති යහපාලනය කුමක්දැයි විමන බවත් මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් පවසයි.


« PREV
NEXT »