BREAKING NEWS
latest

728x90

468x60

Sunday, April 01, 2018

ඇමති අජිත් ඇමති එස්බීට දැමූ යෝකර් පන්දුව

ආණ්ඩුව පත්වුණාට පස්සේ ඇවිත් ඇමැතිකම් අරගෙන, එහි වරප‍්‍රසාද සියල්ල භූක්ති විඳිමින් තමන්ගේ පාක්ෂිකයන්ටත් රැකියා ලබාදුන්න සමහරු දැන් බොරු හේතු හදාගෙන පොහොට්ටුවට යන්න හදනවා යැයි බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ හා පුනරුත්තාපන රාජ්‍ය ආමත්‍ය අජිත් පී. පෙරේරා මහතා අද (1) පැවසීය.

පිටකෝට්ටේ සිරිකොත මන්දිරයේ දී පැවති එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

සමහරු හිතනවා පොහොට්ටුව සමඟ එකතු වීමට මේක තමයි හොඳම කාලය කියලා. එහම හිතලා ඔවුන් මේ ආණ්ඩුව අප්‍රසාදයට ලක්වන වැඩ කරන්න පටන් අරන්. පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේ එස් බි. දිසානායක ඇමැතිවරයා මාස දෙකක්ම අපේ රටේ 14 ලක්ෂයක් පමණ සමෘද්ධිලාභීන්ට දීමනාව දුන්නේ නැහැ. ඒ වගේම වැඩිහිටි දීමනාව රුපියල් දෙදාහ දුන්නෙත් නැහැ. මෙහෙම කරන්න පුලූවන්ද යහපාලනය දිගට පවත්වාගෙන යන්න කැමති කෙනෙකුට සම්මුතිවාදි ආණ්ඩුවේ සාර්ථකත්වය ප‍්‍රාර්ථනා කරන කෙනෙකුට යැයි ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
« PREV
NEXT »