BREAKING NEWS
latest

728x90

468x60

Saturday, April 07, 2018

රංගේ බණ්ඩාරට හා වසන්ත සේනානායකට කැබිනට් ඇමතිධූර

පසුගියදා පැවති අගමැතිට එරෙහි විශ්වාසභංගයට පක්ෂ වෙතැයි අනාවැකි පළකළ රංගේ බණ්ඩාර හා වසන්ත  සේනානායක යන අය ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට අයත් ඇමතිවරුන් ලෙස තෝරාපත් කරගන්නට නියමිත බව දේශපාලන ආරංචි හෙළි කරයි.


ඔවුන් අගමැතිට එරෙහිව කැරළි ගැසූවන් ලෙස ප්‍රකට වූ නමුත් විශ්වාස භංගය දිනයේ සවස ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා අගමැතිට විරුද්ධ නොවන බවට දිවුරා කියා සිටි අතර ඡන්ද විමසීමේදී විශ්වාසභංගයට විරුද්ධව අගමැතිට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදි.

එම ක්‍රියාවලියත් සමග ඔවුන්ට උසස්වීමක් ලැබෙන පෙරනිමිති මේ අනුව පහළවී තිබේ.
« PREV
NEXT »