BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, April 18, 2018

කේලාම්වරු නොව පක්‍ෂයට ඕනෑ ලේකම්වරු - ඩිලාන් පෙරේරා

ආණ්‌ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මැති ඇමැතිවරුන්ටත්, ඒකාබද්ධ විපක්‍ෂයටත් පාර්ලිමේන්තුවේ විපක්‌ෂයේ එකට හිඳ වැඩ කළ හැකි බව හිටපු ඇමැති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. 

ඒ මහතා එසේ පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (17 වැනිදා) ඇප ලබා ගැනීම සඳහා කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආ මොහොතේදීය. 

මෙහිදී මාධ්‍යවේදීන් හමුවේ අදහස්‌ දක්‌වමින් දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.

අගමැතිට 122 ක බහුතරයක්‌ තිබෙනවා නම් ශ්‍රීලනිපය බෝඩ් ලෑල්ලක්‌ ලෙස ඊට හේත්තු වී සිටිය යුතු නැහැ.

"අපි විපක්‍ෂයේ අසුන් ගන්න කටයුතු කරනවා. තවම අපි සියලු දෙනා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ. ඒකාබද්ධ විපක්‌ෂය ලෙස හදාගත්තේ පක්‌ෂයක්‌ ලෙස ඉදිරියට යැමට නොහැකි නිසයි. මතවාදී අරගලයක්‌ නිසයි. අපි ඔක්‌කොටම එකට ඉඳගෙන වැඩ කරන්න පුළුවනි.

ජනාධිපතිතුමා ලංකාවට ආවාම පක්‌ෂයේ මධ්‍යම කාරක සභාව රැස්‌වෙයි කියා විශ්වාස කරනවා. ශ්‍රිලනිපය ආණ්‌ඩුවෙන් ඉවත් විය යුතුයි කියලා අපි ඉල්ලනවා. අගමැතිට 122 ක්‌ තියෙනවා. බහුතරයක්‌ ඒක. එහෙම තියෙද්දි ශ්‍රිලනිපය බෝඩ් ලෑල්ලක්‌ ලෙස ඊට හේත්තු විය යුතු නැහැ.

පක්‌ෂයේ ලේකම්වරු වෙනස්‌ විය යුතුයි. රට වටේ ගිහින් පක්‍ෂය වෙනුවෙන් කතා කළ යුතුයි. එජාපයට කඩේ යන්නේ නැති පක්‍ෂය වෙනුවෙන් සිටිය හැකි ශ්‍රිලනිපය හා ශ්‍රිලනිප සන්ධාන ලේකම්වරු දෙදෙනෙක්‌ අවශ්‍යයි.

හිටපු රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා - අපි විපක්‍ෂයේ අසුන් ගන්නවා. විශ්වාසභංග නඩු වේවා මේවා සීයක්‌ දැම්මත් අධිකරණය කෙරෙහි ජනතා විශ්වාසය තවම භංග වී නැහැ. අධිකරණයට තවම කෙළින් හිටගන්න පුළුවන් වීම ගැන සතුටුයි. 

ඒකාබද්ධ විපක්‍ෂය කියලා පක්‍ෂයක්‌ නෑ. ඒකාබද්ධය තුළ හැම පක්‍ෂයකටම ඉන්න පුළුවන්.

මහ ලේකම්වරු දෙදෙනෙක්‌ නොව මහ කේලම්වරු දෙදෙනෙක්‌ ඉන්නවා. අගමැතිට කේලාම් කියන කේලාම්වරු ඔවුන්. සන්ධානයට හා ශ්‍රීලනිපයට පමණයි කේලම්වරු දෙන්නා ඉන්නේ.
« PREV
NEXT »