BREAKING NEWS
latest

728x90

468x60

Saturday, April 07, 2018

ගෝඨා අත්අඩංගුවට නොගෙන කරන පරීක්ෂණයක් කරනලෙස නියෝගයක් | Gotabaya

ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමකින් තොරව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ අවසරය මූල්‍ය අපරාධ කොට්ඨාසයට ඇති බව අභියාචානාධිකරණයේ සභාපති විනිසුරු පී. පත්මන් සූරසේන හා ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල අවධාරණය කරයි.

පසුගියදා (05) අභියාචානාධිකරණ විනිසුරු මඩුල්ල මෙසේ අවධාරණය කර සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වමින් පසුගිය නොවැම්බර් 9 වන දා අභියාචනාධිකරණය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට දුන් අතුරු තහනම් නියෝගය ලබන මැයි මස 26 වන දා දක්වා දීර්ඝ කිරීමේ නියෝගයක් නිකුත් කරමින්ය.

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම පෙත්සම ගොනු කර ඇත්තේ ඩි. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරිම සඳහා රජයේ දේපළ යොදා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය තමන් අත්අඩංගුවට ගැනීමට සුදානම් වන බවත් පොදු දේපළ පනත යටතේ තමා අත්අඩංගවට ගෙන නීතිමට පියවර ගැනීම වලක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමිනි.

ඒ අනුව පෙත්සම සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමටද අභියාචනාධිකරණය තීරණය කල අතර ලබන මැයි මස 25 වැනිදා පෙත්සම් විභාගය ආරම්භ කිරීමට නියමිතව ඇත.
« PREV
NEXT »