BREAKING NEWS
latest

728x90

468x60

Thursday, May 31, 2018

එජාප ජේෂ්ඨයින් 11ක් ආසන සංවිධායකධූර අත්හැරීමේ සූදානමක්?

එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකයින් ලෙස කටයුතු කරන ජේෂ්ඨයින් 11 දෙනෙකු එම ධූරවලින් ඉවත්ව නවකයින් සඳහා එම අවස්ථාව ලබාදීමේ සූදානමක් පවතින බව වාර්තා වෙයි.

එම පක්ෂයේ දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳ අවධානය යොමුකර ඇති අතර මේ වන විට කැබිනට් අමාත්‍යධුර දරන ආසන සංවිධායකවරුන් කිහිප දෙනෙකුද ඒ අනුව ආසන සංවිධායක ධුරවලින් ඉවත්වීමට එකඟතාව පළකර ඇත.

මෙම පිරිස 2020 මහ මැතිවරණය ඉදිරිපත් නොවීමට තීරණය කර ඇති අය බවත් එබැවින් අදාළ ආසන සඳහා නවකයින් හඳුන්වාදීමට මෙන්ම ඔවුන්ට ආසනය තුළ ස්ථාවරත්වයක් ඇතිකර ගැනීමට කාලයක් ලැබෙන ලෙස කඩිනමින් මෙම තීරණය ක්‍රියාවට නැංවීමට නියමිත බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.
« PREV
NEXT »