BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, May 29, 2018

“ශිල්ප අභිමානි 2017” හස්ත කර්මාන්ත ජනාධිපති සම්මාන උළෙල ජනපති ප‍්‍රධානත්වයෙන්

දැයේ තිරසාර පැවැත්ම උදෙසා හෙළ අත්කම් පෝෂණය කිරීම හා සංරක්ෂණය කිරීමේ අරමුණින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය ජාතික ශිල්ප සභාව සමග එක්ව සංවිධානය කරනු ලබන ,ශිල්ප අභිමානි 2017, හස්ත කර්මාන්ත ජනාධිපති සම්මාන උලෙළ, ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.

ජාතික මට්ටමේ විශිෂ්ට නිර්මාණ ඉදිරිපත්කරන නිර්මාණකරුවන් ඇගයීම සඳහා හස්ත කර්මාන්ත ජනාධිපති සම්මාන උලෙළ සංවිධානය කෙරෙන අතර හස්ත කර්මාන්ත ක්ෂේත‍්‍රයේ පෞඩත්වය, අභිමානය හා දේශීය අනන්‍යතාවය පිළිඹිඹු කිරීම මෙහි අරමුණයි.

ප‍්‍රධාන ශිල්ප ක්ෂේත‍්‍ර 21 ක් හා අනු ක්ෂේත‍්‍ර 57ක් යටතේ මෙම ශිල්ප අභිමානී හස්ත කර්මාන්ත ප‍්‍රදර්ශනය පළාත් මට්ටමින් පවත්වන අතර ඉන් ජයග‍්‍රහණය කරනු ලබන නිර්මාණ ජාතික තරග සඳහා ඉදිරිපත් කරනු ලැබේ.

ඒ අනුව 2015 වර්ෂය දක්වා වාර්ෂිකව හස්ත කර්මාන්ත තරගය හා ප‍්‍රදර්ශනය පැවැත්වුණු අතර 2016 වසරේ සිට එය ජනාධිපති හස්ත කර්මාන්ත තරගය ලෙස නම් කර සම්මාන, කුසලාන, සහතිකපත් හා මුදල් ත්‍යාග පිරිනැමීම ජනාධිපතිතුමා අතින් සිදුකෙරිණි.

පාරම්පරික ශිල්ප ඥානය ගුරුකොට ගෙන ශ‍්‍රී ලාංකීය සංස්කෘතික උරුමයන් සුරකිමින් ස්වකීය නිර්මාණ කෞශල්‍ය නිවැරදිව හා නොමසුරුව භාවිතා වන පරිදි නිර්මාණකරණයේ නියුතු කලාකරුවන් රැසක් අද දින ජනාධිපතිතුමා අතින් ස්වර්ණ සම්මානයෙන් හා රජත සම්මානයෙන් පිදුම් ලැබූ අතර ඔවුන්ට සහතික පත් සහ මුදල් ත්‍යාග පිරිනැමීම ජනාධිපතිතුමා අතින් සිදුවිය.

එමෙන්ම 2017 ජාත්‍යන්තර හස්ත කර්මාන්ත සම්මාන උළෙලේදී සම්මානයට පාත‍්‍ර වූ ජාතික ශිල්ප සභාව නියෝජනය කරමින් ඊට සහභාගි වු ශිල්පීන් හතර දෙනා වෙත පදක්කම් හා මුදල් තිළිණ පිළිගැන්වීම සිදුවූයේ ද ජනාධිපතිතුමා.

මේ හා සමගාමීව පැවැත්වෙන හස්ත කර්මාන්ත තරගය හා ප‍්‍රදර්ශනය නැරඹීමට ඉන් අනතුරුව එක්වූ ජනාධිපතිතුමා එම ශිල්පීන් සමග සුහද කතා බහක නිරත විය.
අමාත්‍ය වජිර අබේවර්ධන, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඞී.එන්. රංජිත් අශෝක, ජාතික ශිල්ප සභාවේ සභාපති හේෂානි බෝගොල්ලාගම යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
« PREV
NEXT »