BREAKING NEWS
latest

728x90

468x60

Friday, May 25, 2018

වසර 2020 දී වැට් බද්ද 2.5% කින් පහළට

දුප්පත්, පොහොසත් භේදයකින් ‍තොරව දැනට එකම අගයකින් සියලු දෙනාම ගෙවන වැට් බදු අනුපාතය තව වසර දෙකක දී සියයට 2.5කින් අඩු කිරීමට බලාපොරොත්තු වන බව මුදල් හා ජනමාධය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කෙළේ ය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම් ලැබෙන බදු ව්‍යූහය වනුයේ සියයට 82ක් වක්‍ර බදු හා සියයට 18ක් ඍජු බදු වශයෙන් බව කී මුදල් හා ජනමාධ්‍ය ඇමැතිවරයා වසර 2020 වනවිට මේ ප්‍රතිශත පිළිවෙලින් 60 – 40 අනුපාතයට ගැලැපීමට රජය පියවර ගන්නා බවද කීය.

එදිනෙදා තම ජීවිතය ගැට ගසා ගැනීමට වෙහෙසෙන අන්ත දුප්පත් පුද්ගලයාගේ සිට මහා ධන කුවේරයින් පවා එකම අනුපාතයකට වැට් බදු ගෙවීමට කටයුතු කරති. මෙය ඉතා අසාධාරණ බදු ක්‍රමයකි.

ඒ නිසා දුප්පතුන් හට සහන සැලැසීමට නම් වැට් වැනි වක්‍ර බදු ආදායම් වෙනුවට ඍජු බදු ආදායම් වැඩිකර ගත යුතුය. එම ඉලක්කය සපුරා ගැනීමට රජය නව දේශීය ආදායම් බදු පනත ඉකුත් අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාවට නැංවූ බවද ඇමැතිවරයා කීය.

එලෙස නව බදු පනත හරහා ඉදිරියේ රටේ බදු ගෙවිය හැකි ඇති හැකි අයගෙන් වැඩි වශයෙන් බදු අයකර ගනිමින් දුප්පතුන්ගෙන් අයකරන වැට් බදු වැනි බදුවල ප්‍රතිශත පහළ දමා ඔවුන්ට සහන සැලැසීමට රජය කටයුතු කරන බවද මංගල සමරවීර මහතා ප්‍රකාශ කෙළේ ය.
« PREV
NEXT »