BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, May 01, 2018

“වසර 2020 ට පෙර දුෂිතයින් නීතිය හමුවට” - ඇමැති රාජිත කියයි. - ජාතික තරුණසේවා සභාවේ සභාපතිත් ඒ අතරද ?

දේශපාලන පළිගැනීම් වලට ලක්වූවන්ට වන්දි ලබාදීම සදහා කඩ්නම් වැඩපිළිවෙළක් දියත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී ස්වෙච්ඡා සංවිධාන 14 කට උපකරණ බෙදාදීම වෙනුවෙන් පැවැති උත්සවයක් අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “දේශපාලන පළිගැනීම් වලට ලක්වූවන්ට වන්දි ලබාදීම සදහා සැළසුම් සකස් කර තිබෙනවා. ඒ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මතයි. එම වන්දි ලබාදීම කඩිනමින් සිදු කිරිමට නියමිතව තිබෙනවා. අපට ලබාදුන් බලය නිවැරදි ආකාරයට භාවිත කළ යුතුයි. ජනතාවට සේවය කළ යුතුයි. වසර 2020 ට පෙර පසුගිය රජයේ මනුෂ්‍ය ඝාතන, දුෂණ, වංචා වරදකරුවන් නීතිය හමුවට ගෙනඒමට කටයුතු කරනවා. හිටපු ජනාධිපතිවරයා රට නිදහස් කර ගත්තත් රොබට් මුගාබේ පාලනයක් තමයි ගෙන ගියේ. එම නිසා එම රජය පිළිබදව කළකිරීම් ඇති වුනා. වත්මන් රජය තුලත් වැරදි තිබෙන්න පුලුවන්. වර්තමාන රජයේ අමාත්‍යවරුන් තිදෙනෙකු විවිධ ප්‍රශ්ණ හේතුවෙන් ඉවත් කර තිබෙනවා. අපේ රජය සිදු කරන වැඩ පිළිබදව ජනතාව හරියට දැනුවත් කරන්නේ නැහැ. එම නිසා කථා කරන්නේ බැදුම්කර ගණූදෙනුව පිළිබදවයි. රජයේ ඉන්න අයත් කථා කරන්නේ බැදුම්කර ගණුදෙනුව පිළීබදවයි. එම නිසයි පළාත් පාලන මැතිවරණයේ දී අන්ධ මන්ද ඡන්ද ප්‍රතිඵලයක් ලැබුනේ. රට හදන වැඩපිළිවෙළක් රජය දියත් කරනවා. ඒ සදහා ජනතා විමුක්ති පෙරමුණේ සහයත් ලැබෙනවා.” යනුවෙන් පවසයි.

කතෘ සටහන

ගරු අමාත්‍ය තුමනි දූෂනය වංචාව පිටු දකිනවා යැයි පවසමින් පැමිණි යහපාලන රජයේ සභාපතිවරයෙකුවන ජාතික තරුණ සේවා සභාවේ සභාපති වශයෙන් හදුන්වන එරන්දික වැලිඅංගගෙදර නොහොත් එරංද වැලිඅංග යැයි නාමය භාවිතා කරන පුද්ගලයාගේ මහාපරිමාණ වංචා 2016 විගණන වාර්තාව මගින් හෙලිවී ඇත. මොහු මොහුගේ වංචා දූෂණ හෙලිකල ගොසිප්99 ඇතුලු වෙබ් අඩවි කතුවරුන්ට මේවන විට තග දමමින් සියි. මේවන විටත් නැවතත් සභාපති පුටුවේ හිදවා ඇති වර්ථමාන රජයේ දූෂන වංචාවලට චෝදනා ලබූ මොහු පිළිබදව රජය මුනිවත රකින්නේ මන්ද?


ගොසිප්99
« PREV
NEXT »