BREAKING NEWS
latest

728x90

468x60

Thursday, May 31, 2018

පොහොට්ටු මන්ත්‍රීලාගෙන් ලක්ෂ 2088ක් ගලවන්න : බැසිල් ගහපු අළුත්ම ගේමක් මෙන්න

ප්‍රාදේශීය දේශපාලන නායකත්වය සවිබල ගැන්වීමට බව සඳහන් කරමින් පළාත් පාලන නියෝජිතයන් සඳහා රුපියල් 72,000 මුදලක් අයකර බලහත්කාරයෙන් ඩිප්ලෝමාවක් ලබාදීමට කොළඹ ව්‍යාපාර කළමනාකරණ පාසල කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පිරිසක් අනාවරණය කර සිටියි.


රංජිත් බණ්ඩාරගේ අදහසක් : බැසිල්ගේ අනුමැතිය !

මේ සම්බන්ධව ලිපියක් 2018 මැයි 18 වනදා කොළඹ ව්‍යාපාර කළමනාකරණ පාසල ප්‍රධානි "මහාචාර්ය රංජිත් බණ්ඩාර" යන අයගේ නමින් පළාත් පාලන ආයතන නියෝජිතයන් වෙත යොමුකර ඇති බවත් එම ලිපිය අනුව බැසිල් රාජපක්ෂගේ ඉල්ලීම සහ මඟ පෙන්වීම මත මෙම ඩිප්ලෝමාව සංවිධානය කර ඇති බව පෙනීයන බවත් එම නියෝජිතයන් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් පෙන්වාදෙන ආකාරයට "ප්‍රාදේශීය දේශපාලන නායකත්වය සවිබල ගැන්වීමේ අරමුණින් ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ඉල්ලීම හා මඟ පෙන්වීම යටතේ ප්‍රජා නායකත්ව සහ සමාජ සංවර්ධනය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (higher national diploma in commnuty leadership and social development) කොළඹ ව්‍යාපාර කළමනාකරණ පාසල විසින් සංවිධානය කොට ඇති බව" අදාළ ලිපිය ආරම්භයේදීම සඳහන් කර ඇත.

ඩිප්ලෝමාව 72000යි : මන්ත්‍රීලා 2900 යි = ලක්ෂ 2088කට ගේම ලෑස්තියි !

ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ රුපියල් 72,000ක් වැයවන පාඨමාලාවක් සඳහා බැසිල් රාජපක්ෂගේ නම යොදා තිබීම සහ එය ඔහුගේ ඉල්ලීමක් සහ මඟ පෙන්වීමක් ඇති බව සඳහන් කරමින් ලිපිය එවා තිබීම පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් මුදල් කඩා ගැනීම අනිවාර්යයක් බව හැඟවීමට සිදුකළ නින්දිත බලහත්කාරයක් බවය.

එසේම අදාළ ලිපියට අනුව වෙනත් පක්ෂ නියෝජිතයන් ඒ සඳහා යොමුවනු ඇති බවක් අපේක්ෂා කල නොහැකි බවත් පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කර තේරී පත්ව ඇති 2900 කට අධික මන්ත්‍රී කණ්ඩායම වෙතින් ලක්ෂ 2088 ක් උපයා ගැනීමේ නින්දිත උත්සාහය හැර වෙනත් කිසිවක් මේ උත්සාහය පසුපස නොමැති බවද ඔවුන් පෙන්වා දෙයි.

වැඩේ නින්දිතයි : බලය නැතිකොට මෙහෙම නම් යළිත් බලය ලැබුණොත් රටම කම්මුතුයි !

තවද බැසිල් රාජපක්ෂ දැනුවත්ව මෙවැන්නක් සිදුවනවා නම් ඒ සම්බන්ධව කණගාටුවීම හැර වෙනත් යමක් තමන්ට ඉතිරිව නොමැති බවත් "සියල්ල දත්" පන්නයට හැසිරෙන පළාත් පාලන ආයතන නියෝජිතයන් කිහිපදෙනෙකුද මේ නින්දිත උත්සාහයට සහය දෙමින් සිය "පොරත්වය" පෙන්වීමට අවස්ථාවක් කරගැනීම සම්බන්ධව කළකිරීමක් ඇති බවද ඔවුන් සඳහන් කර සිටියි.

භුමියේ දේශපාලනය ගැන අබමල් රේණුවක දැනුමක් නොමැති බයර්ලා කිහිපදෙනෙකු සහ පදනම් ආයතනයේ සභාපතිත්වය අහිමිවූ හේතුවෙන් මුදල් හිඟ කමින් පෙළෙන රංජිත් බණ්ඩාර වැන්නවුන් වෙතින් පළාත් පාලන ආයතන ජයග්‍රහණය කරදුන් තමන් ඇතුළු පිරිසට අලුතින් ඉගෙන ගැනීමට දෙයක් නොමැති බව සඳහන් කරන ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම පාර්ශව වෙත පොළවේ දේශපාලනය ගැන ඉගෙන ගැනීමට අවශ්‍ය නම් එය නොමිලේ ඉගැන්වීමට තමන් සූදානම් බවය.

එසේම පක්ෂ නියෝජිතයන් වෙත වැඩිදුර දැනුමක් ලබාදීමට අවශ්‍ය නම් එය සිදුකල ආකාරය මෙවැනි ගැරීමක් හරහා සිදුකළ නොයුතු බවත් ඉදිරියේ බලයක් ලැබුවහොත් පැරණි වැරදි යලිත් කිරීමේ සූදානමක් මේ හරහා තහවුරු වන බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි. 

පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයන් වෙත යවා ඇති එම ලිපිය.



නිවුස්ටියුබ්
« PREV
NEXT »