BREAKING NEWS
latest

728x90

468x60

Friday, May 18, 2018

මිලියන 6ක් හොර පාරෙන් දෙන්න ගිය සංචාරක රොඩ්‍රිගෝ..

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ රුපියල් මිලියන 6ක් සිය සොහොයුරාගේ සමාගමකට ගෙවීමට උත්සාහ කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සංචාරක අමාත්‍යවරයාගේ උපදේශකයෙකු බව කියන ෆීලික්ස් රොඩ්‍රිගෝ නැමැත්තාට එරෙහිව විශේෂ පරීක්ෂණයක් ආරම්භ වී තිබේ. 

අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් මෙම විමර්ශනය ඇරඹී ඇත්තේ මෙම පුද්ගලයා පිළිබඳ සංචාරක ප්‍රවර්ධන කාර්යාලයේ හිටපු සභාපති උදය නානායක්කාර මහතා විසින් රජයේ ප්‍රධානීන්ට පැමිණිලි කිරීමෙන් පසුව බව ද දැනගන්නට තිබේ. 

රොඩ්‍රිගෝ නැමැත්තා විසින් මෙම මුදල සිය සොහොයුරාගේ සමාගමට ගෙවීමට තැත් කොට ඇත්තේ පසුගිය දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වුණු චීන මනාල මනාලියන් 100 දෙනෙකුගේ විවාහ මංගල්‍යය වෙනුවෙනි. ශ්‍රී ලංකා සංවර්ධන ප්‍රවර්ධන අධිකාරිය මේ සඳහා පහසුකම් සැලසූ අතර මේ පිළිබඳව පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවකදී නානායක්කර මහතා ප්‍රකාශ කළේ මේ උත්සවය සඳහා රජයේ මුදල් සතයක්වත් වැය නොවන බවයි. 

එසේ වුවත් විවාහ උත්සවය පැවැත්වීමෙන් දින කිහිපයකට පසුව නානායක්කාර මහතාට අමාත්‍යංශයෙන් නියෝගයක් ලැබී ඇත්තේ එම උත්සවය සංවිධානය කිරීම වෙනුවෙන් එක්තරා පුද්ගලික සමාගමට රුපියල් මිලියන 6ක් ගෙවන ලෙසයි. නානායක්කාර මහතා එම සමාගම ගැන මෙයට පෙර අසා නොතිබුණු අතර පසුව කළ සොයාබැලීම් වලදී ඔහු අනාවරණය කරගෙන ඇත්තේ එය අමාත්‍යංශ උපදේශක රොඩ්‍රිගෝ ගේ සොහොයුරාට අයත් සමාගමක් බවයි. 

එම රුපියල් මිලියන 6ක ගෙවීම සිදු කිරීම තරයේ ප්‍රතික්ෂේප කර ඇති නානායක්කාර මහතා තමන් මෙම උත්සවයට රජයේ මුදල් වැය නොවන බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ බවත් එම නිසා මෙම මුදල් ගෙවීමට තමන්ට කෙසේවත් සිදු නොහැකි බව අමාත්‍යංශයට දැනුම් දී ඇත. 

මෙම දැනුම් දීමෙන් දින කිහිපයකට පසු නානායක්ක්කාර මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කර තිබේ. 

සේවයෙන් ඉවත් කළත් නානායක්කාර මෙම මුදල් ගෙවීමට විරෝධය පා ප්‍රතික්ෂේප කිරීම නිසා අදාළ සමාගමට රජයේ මුදල් රුපියල් මිලියන 6ක් ලබා දීම ඇණ හිට ඇතැයිද අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. 

මුදල් ගනුදෙනුවක් සිදු නොවුණත් එම නිලධාරියා වංචනික අරමුණකින් යුතුව ක්‍රියාත්මක වී ඇති බවට හැඟී යන බව පෙනී යන නිසා මේ පිළිබඳව කරුණු විමර්ශනය කරන බවත් එයින් පසු අග්‍රාමාත්‍යවරයා අදාළ කරුණ සම්බන්ධයෙන් දැනුවත් කරන බවත් අගමැති කාර්යාලයේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.
« PREV
NEXT »