BREAKING NEWS
latest

728x90

468x60

Saturday, May 05, 2018

ශ්‍රීලනිප මැයි රැලිය 7 දා මඩකලපුවේ දී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින රැලිය පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ 07 වනදා ප.ව 2.00 ට මඩකලපුව, චෙන්කලඩි, මාවඩිවෙම්බු හි දී පැවැත්වෙයි.

ජාතික සමගියට කම්කරු ජවය, තේමාව යටතේ සියලු පළාත්වලින් පැමිණෙන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ සහභාගිත්වයෙන් ඉතා අභිමානවත් අන්දමින් එය පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ.

සේවක අර්ථසාධක අරමුදල ඇතුළු වැඩ කරන ජනතාවට වරප්‍රසාද රැසක් දිනා දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.

මැයි දිනයට සමගාමීව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු කම්කරු නායකයන්ට උපහාර පුද කිරීමේ වැඩසටහනක් ද පසුගියදා කොළඹදී සංවිධාන කර තිබුණු අතර මැයි දිනය නිවාඩු දිනයක් බවට පත් කිරීමට කටයුතු කළ හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්, එවකට කම්කරු අමාත්‍ය ටී.බී. ඉලංගරත්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තිය සමිති ව්‍යාපාරයේ නියමුවන් වන දිවංගත ආනන්ද දසනායක, හර්බට් වික්‍රමසිංහ, අලෙවි මවුලානා, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර, හිටපු ප්‍රධාන ලේකම් ඩී.සී. වීරසේකර යන කම්කරු නායකයන් එහිදී සිහිපත් කෙරිණි.
« PREV
NEXT »