BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, May 09, 2018

නකල්ස් අක්කර 900ක් ගොවිපොළකට විකුණලා.

සංචාරක හෝටල් සහ වෙනත් ඉදිකිරීම් සඳහා නකල්ස් වනාන්තර ලෝක උරුම බිම්කඩ වෙනත් පළාත්වල ව්‍යාපාරිකයින් සඳහා අලෙවි කිරීමේ ක්‍රියාවලියක් සිදුවන බවත් පෞද්ගලික සත්ව ගොවිපළක් සඳහා නකල්ස් ඉහල කඳු පන්ති ප්‍රදේශයේ අක්කර 900ක ප්‍රමාණයක් මේ වන විටත් පෞද්ගලික ආයතනයකට ලබාදී ඇති බවත් පරිසර වේදින් පවසයි.

“දුම්බර මහා ඉඩම් මංකොල්ලය“ නමින් පරිසරවේදින් පිරිසක් මාතලේ රොක් හවුස් හෝටලයේදි මාධ්‍ය හමුක් පවත්වමින් මෙම තොරතුරු අනාවරණය කළේය.

මෙහිදි අදහස් දැක්වු පරිසර වේදි සජිව චාමිකර මහතා කියා සිටියේ.

නකල්ස් කදු පන්තියේ අක්කර 21000ක් පමණ වතු ඉඩම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දි ඇති බවත් මෙසේ පවරා තිබෙන්නේ රාජ්‍ය වැවිලි සංස්ථාව හා ඇල්කඩුව වැවිලි සමාගම මගින් කලමණාකරනය ලැබූ වතු ඉඩම් බවද පැවැසීය.

නකල්ස් දුම්බර අඩවියේ දැඩි ආරක්ෂිතව පවතින අක්කර 21000ක පමණ භූමි ප්‍රමාණයක් මේ ආකාරයෙන් විනාශ වන්නට වුවහොත් මොරගහකන්ද සහ කළු ගඟ ජලාශ වලට ජල පෝශක ප්‍රදේශයක් අහිමි වන බවත් එය දැඩි පාරිසරික ගැටලු නිර්මාණය කරන්නක් බවත් සඳහන් කළේය.
« PREV
NEXT »