BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, May 15, 2018

මුදල් නෝට්ටුවල කුරුටුගෑම ඇතුළු හේතු රැසක් මත කෝටි 9400ක මුදල් ඉවතට

සමාජයේ ඇතැම් පුද්ගලයන්ගේ නොසැළකිලිමත් භාවය මත මුදල් නෝට්ටුවල කුරුටු සටහන් ඇදිම ඇතුලු තවත් හේතු ගණනාවක් මත පසුගිය අවුරුද්දේ මහ බැංකුවට පාවිච්චියට ගත නොහැකි මුදල් වශයෙන් රුපියල් කෝටි නවදහස් හාරසියයක මුදල් භාවිතයෙන් ඉවත් කර විනාශ කිරිමට සිදුවු බව මහ බැංකුව කියයි. මෙසේ විනාශ වි ඇති වටිනාකම ඇතුලත් මුදල් නෝට්ටු ප්‍රමාණය මිලියන 177ක් වෙයි. ඉහත වටිනාකම ඇතුලත්ව ඇත්තේ මෙම නෝට්ටු ප්‍රමාණය තුළය.

ඇතැම් පුද්ගලයන් විසින් මුදල් නෝට්ටුවල බලි කුරුටු අදිති. තවත් අය නම් ගම් ලිපින කවි ගීත කොටස් ආදර වදන් සහ තවත් බොහෝ දේ සටහන් කර මුදල්වල ස්වාභාවික පෙනුම විකෟති කරති. මෙසේ මුදල් මේ ආකාරයෙන් විනාශ කිරිම මහබැංකුව පෙන්වා දෙන්නේ ජාතික විනාශයක් ලෙසයි.

මෙම ජාතික විනාශය නිසා රටේ ජාතික ධනය හෙවත් මහජනතාවගේ මුදල් මහා විනාශයකට පත්වෙයි. මෙම විශෘල ධන හානිය රටේ ඇතැම් පුද්ගලයන්ගේ නොසැළකිලිමත් භාවය , නුගත්කම මෙන්ම හිතාමතා සිදුකරන කරන ජාතික විනාශයක් බවද මහ බැංකුව කියයි.

රටක මුදල් භාවිතයෙන් ඉවත් කරන කරුණු 12ක් වෙයි. මින් ප්‍රධානම කරුණ වන්නේ මහජනතාව විසින් එම මුදල් නෝට්ටුවලට සිදු කරන හානිය හරහා සිදුකරන මුදල් විනාශය වෙයි.

පසු ගිය වසරේ මේ ආකාරයෙන් රුපියල් කෝටි නවදහස් හාරසියයක මුදල් භාවිතයෙන් ඉවත් කිරිමට සිදුවි ඇත. මහබැංකුව පෙන්වා දෙන්නේ මුදල් නෝට්‍ටුවල විවිධ දෑ කුරුටු ගැම බලපාන්නේ එම නෝට්ටුවේ රහස්‍ය සළකුණු වලට බවයි. විශේෂයෙන් දිය සළකුණ ඇතුලු නෝට්ටුවල රහස්‍ය සළකුණු නොපෙනි ගිය විට එය නියම මුදල් නෝට්ටුවක් ද නැතහොත් ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද්දක්ද යන්න සොයා ගැනිමට පවා නොහැකිය. ඇතැම් ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන පුද්ගලයන් හිතා මතාම මුදල් නෝට්ටුවල බලි කුරුටු සටහන් කර විනාශ කරන අවස්ථාද වෙයි.

කාලයක් තිස්සේ මුදල් නෝට්ටු අතින් අත භාවිතයෙන් විනාශ වීමද සිදු වෙයි ඒම මුදල් නෝට්ටුද මහ බැංකුව විසින් භාවිතයට නුසුදුසු ඒවා ලෙස ඉවත් කරනු ලබයි.

එම මුදල් නෝට්ටු මහබැංකුව විසින් ඉවත් කරනු ලබන්නේයැයි හදුන්වන්නේ ඒවා විනාශ කිරිමයි. මහ බැංකුව පවසා සිටින්නේ එම මුදල් නෝට්ටු විනාශ කිරිමටත් අලුතින් මුදල් නෝට්ටු මුද්‍රණය කිරිමටත් කෝටි ගණනක වියදමක් වැය කිරිමට සිදු වන බවයි

මුදල් නෝට්ටු විනාශ කිරිම සඳහා මහ බැංකුවට අදල අණපනත්වලින්ම බලය පවරා තිබේ නෝට්ටු විනාශ කිරිමට පුළුස්සා දැමිය යුතු වුවත් ඒවා පිළිස්සිම තුළින් පරිසර හානියක් සිදු වන බැවින් මහ බැංකව එම නෝට්ටු දියර කර යළි අඹරා කුට්ටි ලෙසින් සකස් කර විවිධ විසිතුරු භාණ්ඩ ඇතුලු දැ නිර්මාණය කිරිමට අලෙවි කරනු ලබයි.

භාවිතයට නුසුදුසු තමන් සතු මුදල් නෝට්ටු බැංකු වෙත් ලබා දිමට නියමිත කාලයක් මහ බැංකුව මගින් ප්‍රකාශයට පත් කර තිබුණි. පසුගිය

30 වැනි දිනෙන් එම කාලය අවසන් විය. එහෙත් තවමත් භෘවිතයට නුසුදුසු වනපරිදි විවිධ දැ සටහන් කරන ලද මුදල් නෝට්ටු සංසරණයේ පවති. බොහෝ පිරිස් ඒවා භාර ගැනිම ප්‍රතික්ෂේප කළත් සාමාන්‍ය ජනතාව අතර හොර රහසේ එකිනෙකා අතට පත් කරමින් එම මුදල් නෝට්ටු භාවිතා වෙයි.

එම මුදල් නෝට්ටුද මහබැංකුව වෙත භාරදිමට අවස්ථාව මහ බැංකුව මගින් ප්‍රකාශයට පත් කර තිබු සහන කාලයේ බාර නොදි තවමත් භාවිතා වන එම මුදල් නෝට්ටු මහ බැංකුවට වෙත ගෙන ගොස් බාරදිමට අවස්ථාව සළසා දි ‍තිබේ. මහ බැංකුව වෙත ගෙන ගොස් බාර දිමටත් එසේ නැතහොත් දුර පළාත්වල සිටින පුද්ගලයන්ට තැපැල් මගින එවිමටත් අවස්ථාව සළසා දි ඇත. මෙතෙක් කාලයක් එම මුදල් නෝට්ටු බැංකු වෙත බාර දිමට ලබා දි තිබු කාලය අවසන් වීම නිසා මෙසේ මහ බැංකුව වෙත බාර දිම සිදු කළ හැකි වෙයි.

මහ බැංකුව පවසා සිටින්නේ දියුණු වන රටක භාවිතා වන මුදල් නෝට්ටු පිරිසුදුවට ලස්සනට තිබිම එම රටේ සංචාරක ආකර්ෂණයටද හේතුවක් වන බවයි. විවිධ මුදල් කාඩ්පත් හරහා ගණුදෙනු කිරිම නිසා නෝට්ටු භාවිතය අඩු වුවත් සාමාන්‍ය ජනතාව අත විශාල වශයෙන් භාවිතා වන්නේ මුදල් නෝට්ටු වෙයි. ඒවා ප්‍රවේශම් කිරිමේ වග කිම පැවරි ඇත්තේ මහජනතාවටය. විනාශ වන මුදල් යළි මුද්‍රණය කිරිමට මහ බැංකුවට වියදම් වන මුදල් කිසිදු ලාබයක් නොලැබෙන මුදල්ය. පසු ගිය වසරේ විනාශ වු රුපියල් කෝටි නවදහස් හාරසියය යළි මුද්‍රණය කිරිමටද මහ බැංකුවට වියදම් වන මුදල ඒ ආකාරයේ කිසිදු ලාභයක් නොලැබෙන මුදලක් වෙයි. එම නිසා මහ බැංකුව නිරතුරුවම මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මුදල් නෝට්ටු කිසිදු ආකාරයකින් විනාශ නොකරන ලෙසයි.
« PREV
NEXT »