BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, May 16, 2018

බස් හිමියන්ගේ අසාධාරණ ඉල්ලීම් වලට එරෙහිව මගී සංගමයක් සටනට

බස් රථ හිමියන්ගේ සංගම් ඉල්ලා සිටින ආකාරයේ 10%ක හෝ 20%ක ගාස්තු ඉහල දැමීම මගී ජනතාවට සිදුකරන බලවත් අසාධාරණයක් බව කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය සඳහන් කර සිටියි.

එහි කැඳවුම්කරු විමුක්ති දුෂාන්තගේ අත්සනින් යුතු නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ බස් හිමියන් විසින් ඉල්ලා සිටින බස් ගාස්තු සංශෝධනය මගී ජනතාවට දරාගත නොහැකි තත්ත්වයේ ගාස්තු ඉහළ දැමීමක් බවය.

දිනපතා පොදු ප්‍රවාහන බස් රථ සේවා භාවිතාකරන ලක්ෂ ගනනක් වූ බස් රථ මගීන් වෙනුවෙන් පෙනී සිටින එකම සංගමය වන‘කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය’ සුවපහසු සහ ගුණාත්මක බස් මගී ප්‍රවාහන සේවාවක් දිනා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වන බවත් ඒ පදනමින් ඉහළ ගිය ඉන්ධන වියදම සහ අනෙකුත් තත්ත්වයන් සළකා බැලීමෙන් පසුව ඊයේ (15) පැවතී සංගමයේ සම්බන්ධිකරණ කමිටු සාකච්ඡාවේ දී කැබිනට් මණ්ඩලයේ දී අනුමත වූ 6.56%ක බස් ගාස්තු වැඩිවීම කෙරෙහි අවධානය යොමු වූ බව මෙන්ම එම බස් ගාස්තු ඉහළ දැමීමට එකඟ බවද එම සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

නමුත් බස් සේවාව තව දුරටත් ගුණාත්මක කිරීම වෙනුවෙන් රජය ඉක්මන් අවධානයක් යොමු කල යුතු බව අවධාරණය කරන අතර බස් හිමියන් කිහිප දෙනෙකුගේ අසාධාරණ ඉල්ලීමක් වන අවම ගාස්තුව රුපියල් 15ක් දක්වා ඉහල දැමීම කිසිසේත්ම යුක්ති සහගත නොවන බව සංගමයේ අදහස බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය සඳහන් කර සිටින්නේ බස් හිමියන්ගේ වර්ජන තර්ජනය හමුවේ එවැනි අසාධාරණ තීරණයක් සඳහා රජය අවධානය යොමුකළහොත් ඊට එරෙහිව ලක්ෂ සංඛ්‍යාත බස් මගී ජනතාව පෙළගැස්සවීමට සංගමය මැදිහත්වන බවය.
« PREV
NEXT »