BREAKING NEWS
latest

728x90

468x60

Thursday, May 17, 2018

මෙලනියා ට්‍රම්ප් ශල්‍යකර්මයකට ලක් කෙරේ

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් ශල්‍යකර්මයකට භාජනය කර තිබේ. වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇයට මෙසේ ශල්‍යකර්මයක් සිදුකර ඇති බව ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත.
වොෂිංටනයේ පිහිටි වෝලටර් රීඩ් ජාතික හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේදී එම ශල්‍යකර්මය සිදුකර තිබුණි. ශල්‍යකර්මය සාර්ථකව නිම කළ බව මෙලනියා ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම්වරිය ප්‍රකාශ කර ඇත.

මේ අතර පසුගිය සදුදා රාත්‍රියේ දී රෝහලට ගොස් සිය බිරිදගේ සෞඛ්‍ය තත්ත්වය සොයා බලා ඇති බව වාර්තා වේ. ඉන් අනතුරුව ඔහු සිට ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත්තේ සිය ආර්යාවගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී ඇති බවත් තවත් දින දෙක තුනකින් රෝහලෙන් පිටව යාමට හැකි බවත් ය.
« PREV
NEXT »