BREAKING NEWS
latest

728x90

468x60

Thursday, May 10, 2018

ෆොන්සේකා ජනපතිගෙන් සමාව ගනී

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ක්‍රියාකලාපය විවේචනය කරමින් පසුගියදා ප්‍රකාශ සිදුකළ තිරසර සංවර්ධන, වන ජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරයා හමුවී ඊයේ (09 වැනිදා) ඒ පිළිබඳව සමාව ගෙන ඇත.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනපති ලේකම් කාර්යාලයේදී ඊයේ උදැසන පැවැති කැබිනට්‌ රැස්‌වීමෙන් පසුව ෆොන්සේකා මහතා ජනාධිපතිවරයා හමුවී ඒ පිළිබඳව සමාව ගත් බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

අගමැති රනිල් වික්‍රමසිංහ, ඇමැතිවරුන් වන රංජිත් මද්දුම බණ්‌ඩාර, නිමල් සිරිපාල ද සිල්වා සහ මලික්‌ සමරවික්‍රම යන මහත්වරුන්ද ෆොන්සේකා මහතා සමඟ එහිදී ජනාධිපතිවරයා හමුවීමට ගොස්‌ තිබේ.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා තිරසර සංවර්ධන වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ධුරයේ වැඩභාර ගැනීමෙන් පසුව පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සහ පසුගිය 06 වැනිදා පැවැති එජාප මැයි රැලියේදී ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය විවේචනය කරමින් අදහස්‌ දක්‌වා තිබිණි.

කුෂාන් සුබසිංහ, අජිත් අලහකෝන්
« PREV
NEXT »