BREAKING NEWS
latest

728x90

468x60

Thursday, May 03, 2018

ජාතික රණවිරු මාසය ප්‍රකාශයට පත් කෙරේ

2018 ජාතික රණවිරු මාසය ප්‍රකාශයට පත් කරමින් එහි පළමු සමරු කොඩිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළදවීම ඊයේ (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති ත්‍රස්තවාදය අවසන් කිරීමේ මානුෂීය මෙහෙයුමේදී සිය ජීවිතය මව්බිම වෙනුවෙන් පූජා කළ රණවිරුවන් සහ තම ශරීරාංග කැප කළ රණවිරුවන් සිහිපත් කිරීම මෙන්ම ඔවුන් වෙනුවෙන් කෘතගුණ සැලකීමේ අරමුණින් වාර්ෂිකව මෙම රණවිරු මාසය රජය විසින් ප්‍රකාශයට පත්කරන අතර, එයට සමගාමීව රණවිරු කොඩි අලෙවිය ද සිදු කෙරේ.

රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් මෙහි පළමු සමරු කොඩිය ජනාධිපතිතුමා වෙත පළදවනු ලැබුවාය.

පසුගිය වසරේ කොඩි අලෙවියෙන් ලද ආදායම පළාත් ආණ්ඩුකාරවරුන් විසින් ජනාධිපතිතුමා වෙත පිරිනමන ලදී. 

මෙම වසරේ රණවිරු කොඩි පළාත් ආණ්ඩුකාරවරුන් වෙත භාරදීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

අද සිට ජූනි 02 වනදා දක්වා ක්‍රීයාත්මක වන පරිදි රණවිරු මාසය ප්‍රකාශයට පත් කිරීම ඉන් අනතුරුව ජනාධිපතිතුමා අතින් සිදුවිය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ වසර 03 ක ප්‍රගතිය පිළිබද භාෂා 03කින් සැකසූ ග්‍රන්ථය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විෙජ්වර්ධන මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය. 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් ද ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුථ ආරක්ෂක අංශ ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
« PREV
NEXT »