BREAKING NEWS
latest

728x90

468x60

Monday, May 21, 2018

මංගල මෙසේ චෝදනාකරන්නේ මගේ හැකියාව දන්න නිසා විය හැකියි - ගෝඨාභය රාජපක්‍ෂ කියයි

එදා රනිල් වික්‍රමසිංහ මහතාට බැහැ යෑයි කියා පෝස්‌ටර් ගැසුවේ ඔහුට පුළුවන් බව දන්නා නිසා යෑයි පවසන මංගල සමරවීර ඇමැතිවරයා අද මට විරුද්ධව චෝදනා එල්ල කරන්නේ මටත් පුළුවන් බව ඔහු දන්නා නිසා විය හැකි යෑයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

හෙතෙම මේ බැව් පැවසුවේ ඊයේ (20 වැනිදා) බදුල්ල පුරහලේදී පැවැති රට ගොඩනැඟීමේ ජාතික එකමුතුව සංවිධානය විසින් පවත්වනු ලබන සම්මන්ත්‍රණ මාලාවේ පළමු රැස්‌වීමේ ආරාධිත කථිකයා ලෙස එක්‌වෙමිනි.

එහිදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙසේද කීවේය.

රටේ ආර්ථිකය කඩාගෙන වැටිලා. ආයෝජකයන් එන්නේ නැහැ. ජනතාවට අධික ලෙස බදු බරක්‌ පටවලා. මුදල් ඇමැතිවරයා ලෙස ඔහුගේ වගකීම වන්නේ රටේ ආර්ථිකය ගොඩනංවා ජනතාවට සහන සැලසීමයි.

මේ සියලු ප්‍රශ්න පසෙක තබා ඔහු මට විරුද්ධව ප්‍රකාශ නිකුත් කරන්නේ මා ගැනත් ඔහු හොඳින් දන්නා නිසා විය හැකියි.

මා ආරක්‍ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරන විට කොළඹ නගරය සංවර්ධනය කරන්න ආයෝජකයන් ගෙන්වා ගත්තා. අද ඉන්න ඇමැතිවරුන්ට ආයෝජකයෙක්‌ ගෙන්නගන්න බැහැ. ඔවුන් අසාර්ථක පුද්ගලයන් බවට පත්වෙලා.

බෝගොඩ - ආර්. එම්. ඩබ්ලිව්. රත්නායක
« PREV
NEXT »