BREAKING NEWS
latest

728x90

468x60

Saturday, May 19, 2018

මෛත්‍රී චන්ද්‍රිකාට එරෙහි වෙලා?

2020 වනතුරු ජාතික ආණ්ඩුවේ සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහරුන්ට වුවමනා වී තිබුණද එසේ සිටියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුණු වී දිය වී යනු ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ප්‍රකාශ කරනවාත් සමඟම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය රැස්වීමෙන් පිටව ගොස් තිබේ.

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වෙනවාද නැද්ද සම්බන්ධයෙන් දැනට ජාතික ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමැතිවරුන් 23 දෙනා කඩිනමින් තීන්දුවක් ගත යුතු බව ජනාධිපතිවරයා මෙම මධ්‍යම කාරක සභා රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

ජාතික ආණ්ඩුවේ වැඩි කාලයක් රැඳී සිටීම දේශපාලනමය වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට අවාසියක් බවත් මේ සියලු කරුණු සලකා බලා සියලුමදෙනා එක් තීරණයක් ගැනීම වැදගත් බවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතාව අතරට ගෙනයා හැකි පරිදි ප්‍රතිසංවිධාන කටයුතු සිදුවිය යුතු බවත් ඒ ගැන පාක්‍ෂිකයන් දැඩි අවධානයකින් බලා සිටින බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත.


ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු
« PREV
NEXT »