BREAKING NEWS
latest

728x90

468x60

Friday, May 11, 2018

මහින්දව ගෙදර යැව්වේ කොහොමද? අගමැති මහතීර් හොරෙන්ම මෛත්‍රී හමුවෙලා අහල

මැලේසියාවේ විප්ලවීය මැතිවරණයකින් පසු ජය ලබා ගත් මහතීර් මොහොමඩ් මහතා ඉතිහාසයට එක්වන්නේ වයස්ගතම (අවුරුදු 91) අග්‍රාමාත්‍යවරයා ලෙසයි. හිටපු අග්‍රාමාත්‍ය නජීප් පරදා විශිෂ්ඨ ජයක් ලබාගත් මලයාසියාව ගොඩ නැඟූ මහතීර් මොහමඩ් තුමා පිළිබඳව විවිධ කතා විදේශ මාධ්‍ය මේ වන විට වාර්තා කර තිබිණි.

අදාල ජයග්‍රහණය සමග ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහකා සහ මහතීර් මොහොමඩ් මහතා සමඟ සිදුවූ රහසිගත හමුවක් පිළිබඳව මැලේසියානු මාධ්‍ය ඊයේ දවසේදී වාර්තා කොට තිබුණි.

මෙම හමුව සිදුවී ඇත්තේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මලයාසියානු නිල රාජ්‍ය සංචාරය 2016 දෙසැම්බර් 17 වන දින අදාල හමුව පිළිබඳව ඡායාරූප දෙකක් මේ වන විට මාධ්‍ය එළිදක්වා තිබේ. ක්වාලාලම්පූර් නුවර ඉන්ටකොන්ටිනල් හෝටලයේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා රැඳී සිටි කාමරයේදී මෙම හමුවීම සිදුව තිබේ.

කෙසේ වුවත් මෙම හමුව සිදුවී ඇත්තේ මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාද නොදැනුවත්ව බව අදාල මාධ්‍ය වාර්තා කොට තිබිණි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කාමරය තුලදී සිදුකල සාකච්ඡාවේ ප්‍රධාන කාරණා කිහිපයක් මේ වන විට මාධ්‍ය වාර්තා කර තිබේ.

එහිදී 1980 දශකයේදී මැලේසියාව ගොඩනැඟීමට ඔහු කල වෙනස් කිරීම් සහ ප්‍රතිපත්ති පිළිබඳව ශ්‍රී ලංකා ජනාධිපතිවරයාව දැනුවත් කර ඇත. ආර්ථික සංවර්ධනයට මූලිකත්වය ලබාදුන් පසු සියළු ජාතීන් එකතුකළ හැකි බවට ජනාධිපතිවරයාට උපදෙස් දුන් බවට දැනගන්නට තිබේ.

එලෙසම 70 දශකයේදී පොහොසත් රටවල් දුප්පත් රටවල් සඳහා සංවර්ධනය වීමට ආධාර ලබා දුන්නද 80 දශකයේදී සහන ණය, රටවල් සහ බැංකු මාර්ගයෙන් හිමිවූ බවත් ඒවා ඉතා අඩුපොලියට ගෙන ඔහු රට සංවර්ධනය කල බවත් ප්‍රකාශ කර ඇත. 90 දශකයේදී තවත් ණය යෝජනා ක්‍රම පැමිණි අතර එය ඉතා භයානක ණය ක්‍රමයක් බවත් එය ලබාගැනීමෙන් වලකින ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාට සඳහන් කොට තිබේ. එම ණය ලෙස මහතීර් මොහොමඩ් මහතා සඳහන් කර තිබුනේ “ඔවුන් මුදල් ලබා දෙති. ව්‍යාපෘතිය සඳහා ඔවුන් පැමිණෙති. වැඩ කිරීමට ඒ අයගේ රටේ මිනිසුන් රැගෙන එති. ඔවුන්ම ව්‍යාපෘති ඉදිකරති. ඒ ගන්නා ණය ක්‍රමය කිසිවිටෙක අපට ගෙවීමට නොහැකි වෙති. ඔවුන් ඉන් පසු ඒ රටින් නොයති. මේ ණය ක්‍රමය කිසිදා ඔබ ලබාගන්න එපා” මහතීර් මොහොමඩ් මහතා එලෙස ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇත.

මහතීර් මොහොමඩ් මහතා විසින් ශ්‍රී ලංකාවේ පැවති රජය පෙරළීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ මැතිවරණ මෙහෙයුම් සහ සැලසුම් පිළිබඳව ඉතා දීර්ඝව සාකච්ඡා කර ඇති අතර දුෂණයට වංචාවට එරෙහි මැතිවරණ සටන පිළිබඳව බොහෝ කාරණා ජනාධිපතිවරගෙන් විමසා මහතීර් මොහොමඩ් මහතා සිය මැතිවරණ මෙහෙයුමට යම් යම් කාරණා එකතුකර ගන්නට ඇති බවට විදෙස් මාධ්‍ය හෙළි දරව් කර තිබේ.

මේ වන විට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මහතීර් මොහොමඩ් මහතා සමඟ ඉතා පෞද්ගලික සම්බන්දතාවයක් ඇති බව මාධ්‍ය වාර්තා කරන අතර ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් සිය ට්විටර් ගිණුමේ ට්විටර් පණිවිඩයක් ඔස්සේ මහතීර් මොහොමඩ් මහතාට සුභ පතා තිබේ.

තවද 2017 ජනවාරි 08 දෙවසරක ජයග්‍රණය සැමරීම නිම්මිත්තෙන් මහතීර් මොහොමඩ් මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස ලංකාවට ගෙන්වා ගැනීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අපේක්ෂාවෙන් සිටි අතර ඒ සඳහා විදෙස් කටයුතු අමාත්‍යංශය අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කර නොමැති බවට වාර්තා වේ.
« PREV
NEXT »