BREAKING NEWS
latest

728x90

468x60

Saturday, May 05, 2018

එජාපය වැවිලි ප්‍රජාව වෙනුවෙන් කැපවී සිටිනවා - ලක්ෂ්මන් කිරිඇල්ල

කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ ප්‍රදානත්වයෙන් මහනුවර පුපුරැස්ස ලෙවලන් වතුයායේ නිවාස 25 ක් ජනතා අයිතියට පත් කෙරිණි.

මෙම අවස්ථාව සඳහා කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා, ව්‍යවසාය සංවර්ධන සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් රැසක් සහභාගී වූහ.

‘හරිත රන්’ නිවාස යෝජනා ක්‍රමය යටතේ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය ප්‍රතිපාදනන යටතේ රුපියල් මිලියන 30 ක වියදමින් මෙම නිවාස වැවිලි ප්‍රජාව වෙත ඉදිකර දෙනු ලැබීය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය වැවිලි ප්‍රජාව වෙනුවෙන් කැපවී සිටින බවයි.

පලනි තිගාම්බරම් අමාත්‍යවරයා යහපාලන ආණ්ඩුව මඟින් වැවිලි ප්‍රජාව වෙත ලබා නිවාස ඔවුන් වෙත ලබා දීමට කැපවී කටයුතු කරන බවත් නුවර එළිය දිසත්‍රික්කයට සීමා නොවී වැවිලි ප්‍රජාව නඟාසිටුවීම සදහා අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා සිදුකරන සංවර්ධන කටයුතු අග්‍රාමාත්‍ය තුමාගේ ද පැසසුමට ලක් වී ඇති බවද කිරිඇල්ල මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

සභාව ඇමතූ අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා කියා සිටියේ තමන් සැමඳා තම ජනතාව වෙනුවෙන් කැපවී කටයුතු කරන බවයි.

– අනුර රත්නායක
« PREV
NEXT »