BREAKING NEWS
latest

728x90

468x60

Saturday, May 26, 2018

සල්ලි දුන්නා තමයි - ඇලොසියස් හා ඔහුගේ පියා අපේ යාළුවෝ - සල්ලි දුන්නා තමයි - බැදුම්කර බෑණා සල්ලි දුන් බව දයාසිරි පිලිගනී

ශ‍්‍රි ලංකා මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී දැනට රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින අර්ජුන් ඇලෝසියස්ට අයත් පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමූහයේ සහෝදර සමාගමක් වන ‘වොල්ට් ඇන්ඩ් රෝ’ සමාගමෙන් රුපියල් මිලියනයක චෙත් පතක් තමනට ලබා දුන් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පිලිගත්තේය.


එම චෙක් පත ලබා දෙන ලද්දේ තමන් පාර්ලිමේන්තුවේ සිටි කාලයේ නොවන බවත් එය මාරු කරන ලද්දේ කවුරුන් විසින්ද කුමන බැංකුවකින්දැයි තමන් නොදන්නා බවත් මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

කෙසේ හෝ එම මුදල එම වසරේ පැවති මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ලබා ගත් බවත් පවමන මන්ත‍්‍රිවරයා මෙම සිදුවීම අලලා මඩ ගැසීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවද කීවේය.

අර්ජුන් ඇලෝසියස් හා ඔහුගේ පියා තමන් වසර ගණනාවක සිට දන්නා බවත් මැතිවරණයවලදී ඔවුන් උදවු කරනා බවත් ලබා දුන් චෙක්පත තම නමට ලියන ලද්දක් නොවන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

« PREV
NEXT »