BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, May 16, 2018

සජිත් අගමැති කරමු ! - මංගලගේ ප්‍රකාශයෙන් 'වෙන්න අගමැතිවරු' හොල්මන් වෙලා

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී එජාප අගමැති අපේක්ෂකයා ලෙස වහාම ප්‍රකාශයට පත් කලයුතු බව එම පක්ෂයේ උප සභාපතිවරයකු වන මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (15) පැවති එම පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කර ඇති බව 'නිව්ස් ටියුබ්' වාර්තා කරයි.

අගමැති රනිල් වික්‍රමසිංහ  ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා අගමැති අපේක්ෂකයා ලෙසත් දැන් තියා ප්‍රසිද්ධියට පත් කරමින් ගමින් ගමට - නගරයෙන් නගරයට දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භකළ යුතු බව ඇමතිවරයා එහිදී සඳහන් කර ඇත.
ප්‍රතිපත්තිමය දේශපාලන වශයෙන් තමා සජිත් ප්‍රේමදාස මහතාව දැඩි ලෙස විවේචනය කල අයකු වුවද ග්‍රාමීය ජනතාව තුල ඔහු කෙරෙහි ඇති ආකර්ෂණය මේ මොහොතේ පක්ෂයේ ජයග්‍රහණය සඳහා යොදාගැනීම අතිශයින් වැදගත් දේශපාලන කාරණයක් බවද මංගල සමරවීර මහතා එහිදී පෙන්වා දී ඇතැයි එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

මෙම ප්‍රකාශයත් සමග අගමැතිවීමට අපේක්ෂාවෙන් සිටින එජාප නායකයින් දැඩි ලෙස කලබලයට පත්ව ඇතැයි 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

පසුගිය 12 දා මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයන් වෙනුවෙන් පැවැති වැඩසටහනකට එක්වෙමින් ද ඇමති මංගල සමරවීර මහතා පැවසුයේ, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කලයුතු බවයි.
« PREV
NEXT »