BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, May 02, 2018

කැබිනට් මණ්ඩලයේ 'රවී' සොයයි : රාජ්‍ය - නියෝජ්‍ය අද

යහපාලන සම්මුති ආණ්ඩුවේ අද (01) සිදුකල අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක වෙත අමාත්‍යධුරයක් ලබානොදීම ඔහුට සිදුකළ අසාධාරණයක් සේම ප්‍රශ්නකාරී තත්ත්වයක් බව එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් සඳහන් කරයි.

newstube වෙබ් අඩවිය අමතමින් මන්ත්‍රීවරුන් මෙම අදහස් දක්වා තිබේ.

එසේම, එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම අවධාරණය කර ඇත්තේ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාට අමාත්‍යධුරයක් ලබාදුන්නා නම් රවී කරුණානායක මහතා අමාත්‍යවරයෙකු කිරීමේ කිසිඳු ගැටළුවක් තමන් නොදකින බවය.

එසේම පසුගිය සමයේ විපක්ෂයේ කොටස් රවී කරුණානායක මන්ත්‍රීවරයා ඉලක්ක කර දැඩි දේශපාලන මඩ ව්‍යාපෘතියක් දියත් කළ පසුබිමේ අමාත්‍යධුරයෙන් පවා ඉල්ලා අස්වී ඔහු සිය ආසනය පවා ජයග්‍රහණය කරන්නට කටයුතු කළ අයෙකු බවත් එවන්නෙකු නොසළකා හැර කටයුතු කිරීම එක්සත් ජාතික පක්ෂයට මෙන්ම ආණ්ඩුවටද නොසුදුසු ක්‍රියාවක් බවද ඔවුන් සඳහන් කරයි.

එසේම යහපාලන ආණ්ඩුව පිහිටුවීමට දැඩි කැපවීමකින් කටයුතු කළ රවී කරුණානායක වෙත එල්ලවූ චෝදනා සියල්ලෙන් ඔහු නොදොස් කොට නිදහස් බව තහවුරු වී ඇති බවත් එහෙයින් පක්ෂයේ මෙන්ම ආණ්ඩුවේද ඉදිරි ගමන ශක්තිමත් කරගැනීම වෙනුවෙන් අමාත්‍යවරයකු ලෙස සම්බන්ධ කරගත යුතු බවද ඔවුන් අවධාරණය කරයි.

තවද ඉදිරි දින කිහිපය තුළ තමන් කණ්ඩායමක් ලෙස රවී කරුණානායක මන්ත්‍රීවරයාට සිදුව ඇති අසාධාරණය සම්බන්ධව අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ඉහළ පෙළේ පාර්ශව සමඟ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවද ඔවුන් පවසයි. 

මේ සම්බන්ධව අදහස් දක්වන ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසා සිටින්නේ ඉදිරි සතියක පමණ කාලය තුළ රවී කරුණානායක මන්ත්‍රීවරයා ඇතුළු ආණ්ඩු පාර්ශවයේ කිහිප දෙනෙකු වෙත අමාත්‍ය මණ්ඩලයට ඇතුළත් කිරීමේ අපේක්ෂාවක් ඇති බවය. 

එසේම ඒ අතර ඒකාබද්ධ විපක්ෂය ගැන කළකිරී ආණ්ඩුවට සම්බන්ධවීමට සිටින ප්‍රධාන පෙළේ දේශපාලනඥයකුද වන බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

රාජ්‍ය - නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ දිවුරුම්දීම හෙට

යහපාලන සම්මුති ආණ්ඩුවේ සිව්වන අමාත්‍ය මණ්ඩල සංශෝධනය යටතේ රාජ්‍ය අමාත්‍යධූර හා නියෝජ්‍ය අමාත්‍යධූර හෙට(02) දිනයේ දිවුරුම්දීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම හෙට පෙ.ව 10.30 ට ජනාධිපති කාර්යාලයේදී සිදු කිරීමට නියමිත අතර ඒ සඳහා ආණ්ඩු පක්ෂ සියලූම මැති ඇමතිවරුන්ට ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙන ලෙස දන්වා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

අමාත්‍යධූර 18ක් අද දිනයේ සංශෝධනය වූ අතර එම සංශෝධනයට අනුව නව අමාත්‍යවරුන් අද(01) දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන් අතර සෙසු කැබිනට් අමාත්‍ය ධූර එලෙසම කි‍්‍රයාත්මක වන බවද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

විද්‍යාත්මක ඇමති මණ්ඩලය මෙන්න

සම්මුතිවාදී ආණ්ඩුවේ සිව්වන අමාත්‍ය මණ්ඩල සංශෝධනය අනුව නව අමාත්‍යවරුන් අද (01) දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දෙනු ලැබීය.
නව අමාත්‍ය මණ්ඩලය මෙසේය,

ලක්ෂ්මන් කිරිඇල්ල - රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය

ආචාර්ය සරත් අමුණුගම - විද්‍යා තාක්ෂණ පර්යේෂණ, නිපුණතා සංවර්ධ, වෘත්තීය පුහුණු හා කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍ය

එස්. බී. නාවින්න - අභ්‍යන්තර කටයුතු හා වයඹ කටයුතු

මහින්ද අමරවීර - කෘෂිකර්ම අමාත්‍ය

දුමින්ද දිසානායක - වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ 

පී.හැරිසන් - සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය

කබීර් හෂීම් - මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය

රංජිත් මද්දුම බණ්ඩාර - රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය

තලතා අතුකෝරාල - අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය

ෆයිසර් මුස්තාෆා - ක්‍රීඩා අමාත්‍ය, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය

මනෝ ගනේෂන් - ජාතික භාෂා හා ජාතික සංහිදියා අමාත්‍ය

සාගල රත්නායක- ව්‍යාපෘති කළමනාකරණ ,තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය

ඩී.එම්. ස්වාමිනාදන්- පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම්,උතුර සංවර්ධන හා හින්දු කටයුතු පිළිබඳ අමාත්‍ය

දයා ගමගේ -සමාජ කටයුතු හා ප්‍රාථමික කටයුතු අමාත්‍ය

විජයදාස රාජපක්ෂ - උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය

සරත් ෆොන්සේකා - තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය

රවින්ද්‍ර සමරවීර- කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය
« PREV
NEXT »