BREAKING NEWS
latest

728x90

468x60

Thursday, May 17, 2018

රිෂාඩ් මන්දපෝෂණයට තිත තියන්න යයි

මන්දපෝෂණය තුරන් කිරීම සඳහා හොඳම විසඳුම වන්නේ, ධාන්‍ය වර්ග වැඩියෙන් භාවිතා කිරීම බවත්, ඒ සඳහා රට තුළ ධාන්‍ය නිෂ්පාදනය වැඩි කිරීමට තිරසාර වැඩපිළිවෙළක් යොදා තිබෙන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා කොළඹදී පැවති ගෝලීය මාංෂභෝග සම්මේලනයේ සමාරම්භක සමුළුව අමතමිනි.

ශ්‍රී ලංකාවේ ප්‍රෝටීන ලබා ගන්නා ප්‍රධානතම මාංෂභෝගය වන්නේ ධාන්‍ය වර්ග බවත්, එයිනුත් ප්‍රධාන වන්නේ රතු පරිප්පු බවත්, ඒ වගේම මාංෂභෝග ඇතුළු ධාන්‍ය අධි පෝෂණීය වටිනාකමකින් යුතු බවත් අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.

Pulses 18 Colombo ගෝලීය මාංෂභෝග (ධාන්‍ය ඇතුළු) ජාත්‍යන්තර සමුළුවේ මෙවර තේමාව වුයේ " මාංෂභෝග - 18 ආහාරයේ අනාගතය "(Pulses - 18 the Future of Food) යන්නයි. 

මෙම සමුළුව සඳහා රටවල් 40 ක පමණ ව්‍යාපාරික ප්‍රජාවක් සහභාගී වූ අතර මෙය ගෝලීය මාංශභෝග සන්ධාන සම්මේලනය විසින් සංවිධානය කර තිබුණි. මෙය මාංෂභෝග ඇතුළු ධාන්‍ය කර්මාන්තය නියෝජනය කරන එකම ජාත්‍යන්තර සම්මේලනය වේ. එසේම එය ලොව පුරා පවතින 20 කට වැඩි ජාත්‍යන්තර සංගම්වල එකතුවකි. එසේම පුද්ගලික අංශයේ සාමාජිකයින් සහ ක්‍රියාකාරීන් 600 කට වැඩි ප්‍රමාණයක් ද මීට එකතුව සිටී.
« PREV
NEXT »