BREAKING NEWS
latest

728x90

468x60

Sunday, May 06, 2018

එජාප සභාපති ඇමති කබීර් රෝහලේ - මැයි රැළියට සහභාගී නොවෙයි

එක්සත් ජාතික පක්‍ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම් මහතා රෝහල් ගත කර තිබේ.

ඊයේ රාත‍්‍රියේ ඇති වූ හදිසි රෝගී තත්වයක් නිසා ඇමතිවරයා කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කර ඇත.

ඇමතිවරයා දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති අතර අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාද ඔහුගේ සුවදුක් බැලීමට පැමිණ තිබේ.

ඔහුගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග කියයි.

මෙම තත්වය මත අද පැවැත්වෙත එජාප මැයි දින සැමරුමට සහභාගී වීමට පක්‍ෂ සභාපතිවරයාට නොහැකි වීමේ වැඩි ඉඩක් ඇති බවද සදහන්ය.

මේ අතර අද පැවැත්වෙන මැයි සැමරුම වර්ජනය කිරීමට එජාප මැතිඇමතිවරුන් කිහිප දෙනකුම තීරණය කර ඇති අතර ඇතැමුන් අසනීප වී සිටින බව දැනටම දන්වා ඇතැයිද පැවසෙයි.
« PREV
NEXT »