BREAKING NEWS
latest

728x90

468x60

Thursday, May 03, 2018

වාරණය අහිංසක ද? - අපිටත් මිළක් තිබේ ද? - යහපාලනය Info Sri Lanka News වෙබ් අඩවිය වාරනය කරයි

Info Sri Lanka News වෙත ප්‍රවේශ වීමට සිදුව ඇති බාධාවන් පිළිබඳව පළකර ඇති අදහස් සම්බන්ධයෙන් ඔබ සැමට ස්තුතිවන්ත වෙමු.

වෙබ්අඩවියට ප්‍රවේශ වීම වාරණයකට ලක්ව තිබු නමුත් මේ වන විට එයට ප්‍රවේශ වීමේ හැකියාව බොහෝ අයට ලැබී තිබේ.

කෙසේ නමුත් ඇතැම් අන්තර්ජාල සම්බන්දතා තුලින් ප්‍රවේශ වීමේ අපහසුතා තවමත් ඇති බව ද වාර්තා වේ. ඊයේ සිට වෙබ්අඩවිය තාක්ෂණික යාවත්කාලින කිරීම් ගණනාවකට ලක්කිරීමට මේ හේතුවෙන් සිදු වූ අතර, අප තාක්ෂණික අංශය ද තවමත් වෙබ්අඩවියේ තාක්ෂණික දෝෂයන් සොයා බලමින් සිටින නමුත් සැළකිය යුතු තරමේ තාක්ෂණික අර්බුධයක් ද වෙබ්අඩවිය තුල මතුව නැති බව ඔවුන් පවසයි.

වෙබ්අඩවිය වෙත ප්‍රවේශ වීමට සිදුවූ සහ සිදුව ඇති බාධාවන් කුමන පාර්ශවයන් තුළින් එල්ලවූ බලපෑමක් ද යන්න පිළිබඳව අප තුල දල අදහසක් ඇති අතර ඒ පිළිබඳව හෙළිදරව්වක් නුදුරේ දීම සිදු කිරීමට කතෘ මණ්ඩලය කටයුතු කරනු ඇත.

වාරණයටත්, මර්ධනයටත් දිගින් දිගටම ලක්වෙමින් සිටින අප වෙබ්අඩවිය සියළු දුශිතයන්ගේත්, මර්ධිතයන්ගේත් පොදු හතුරා බවට පත්ව තිබේ.

අප සැඟවී පහර දෙන වෙබ් කලාවක් අනුමත කරන්නෝ නොවෙමු. මේ නිසාම මර්ධිතයෝ අප වෙබ්අඩවිය නිරන්තරයෙන් පිඩාවට පත් කළහ.

අප වෙබ්අඩවියේ හිමිකරුවන්, මාධ්‍යවේදීන් රහස් පොලීසියට, පොලීසියට කැඳවූ විට අප සැඟවී සිටියේ නැත. අපට එරෙහිව නඩු පවා මෙරට අධිකරණයන් හී විභාග විය... ඒවාට ද අප ඉදිරිපත් නොවී සිටියේ නැත.. ඇත්තෙන් ම කිව්වොත් අපට නැතිවන්නට දෙයක් නැත... අපට තිබු සියල්ල අප සමඟ උරණ වූ දුෂිතයන් හා මර්ධිතයන් උදුරා ගෙන තිබේ. ඒ නිසා අප සටනට බිය නැත... මන්ද කාටවත් අප ණය නැත.... පෝස්ටර් අලවන්නේ නැති වුවද අප බයත් නැත....

මේ අපව වාරණය කළ පළමු අවස්ථාව ද නොවේ, එසේම මෙය අවසන් අවස්ථාව ද නොවන බව අප දනිමු... එහෙත් අදහස් කිසිවෙකුට මරා දැමිය නොහැකි බවට අප විශ්වාස කරන්නෙමු....

අවසානයේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ආචාර ධර්ම පිළිගන්නා මෙන් ම, වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සාමාජිකයෙක් ද වන අප වෙබ් අඩවිය, පිළිතුරු දීම සඳහා ඇති අයිතිය ද සනාථ කර තිබිය දී සිදු කල වාරණය පිළිබඳව කණගාටු වන්නෙමු....

අවසානයේ අප හිතවත් පාඨක ඔබට යමක් කීමට කැමැත්තෙමු... අප වෙබ්අඩවිය නවතා දැමිය හැක්කේ අපේ මරණයෙන් පමණක් නිසා කුමන වාරණයකට ලක්වුවද අප ඔබේ තොරතුරු දැනගැනීමේ පිපාසාව සංසිඳවන පොරොන්දුව අප ඔබට ලබා දෙන්නෙමු!!!

අප වෙබ්අඩවියට මිළක්, අප මාධ්‍යවේදීන්ගේ වැටුපට මිළක් සේම වෙබ්අඩවියේ දැන්වීමකට මිළක් නියමව තිබුණ ද අප හෘද සාක්ෂියට මිළක් නොමැති බව ද අවසානයට මෙහි සටහන් කරන්නෙමු...
« PREV
NEXT »