BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, May 23, 2018

ඇමති තිගාම්බරම්ගෙන් ජනපතිට හා අගමැතිට රතු එළියක් | Palani Thigambaram

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ආණ්ඩුවේ ඉදිරි වසර එකහමාර තුළ එක්ව ගමනක් නොගියහොත් ඔවුන් දෙදෙනාට මෙන්ම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලුම මැතිඇමතිවරුන්ට ගැටළු රැසකට මුහුණ දීමට සිදුවන බව කඳුරට, නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ හැටන් පූල්බෑන්ක් වත්තේ නිවාස 20 ක් ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයකට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.

“ඇත්තෙන්ම මේ ආණ්ඩුව ඇවිල්ලා අවුරුදු 03 ක් වෙනවා. අවුරුදු 03 ක් වෙනකොට ජනතාවට පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ ඒ මේ ආණ්ඩුව වැඩක් නෑ..ආණ්ඩුව මොකුත් කෙරුවේ නෑ කියලා. ඇත්තටම මේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් විදියට මම දන්නවා ජාතික ආණ්ඩුවක් විදිහට අපට ගොඩක් දේවල් කරන්න බැරි උනා.

ජාතික ආණ්ඩුවේ හිටපු 16 දෙනෙක් දැන් එළියට ගිහිල්ලා තියෙනවා. ඒ 16 දෙනා අගමැතිතුමාට වැඩකරන්න දුන්නේ නෑ.. මේක කඩාකප්පල් කළා. එගෝල්ලන් ගිහිං ජනාධිපතිතුමාගේ ඔලුව නරක් කෙරුවා. තව අවුරුදු එක හමාරයි තියෙන්නේ.. ජනාධිපතිතුමාගෙනුයි අගමැතිතුමාගෙනුයි මම ඉල්ලන්නේ දැන්හරි එකමතුවෙලා එක අදහසකින් මේ ගමන ගියොත් 2020 වෙද්දි ජනතාවට ප්‍රතිඵල පෙන්නන් පුළුවන් එහෙම නැත්තම් 2020 වෙනකොට අගමැතිතුමාටත් කෙළවෙනවා.. ජනාධිපතිතුමාටත් කෙළවෙනවා.. අපිටත් කෙළවෙනවා.. ජනතාවටත් කෙළවෙනවා. දැන් හරි හිතලා බලන්න දෙන්නම එකතු වෙලා ජනතාවට සංවර්ධනය කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා.”
« PREV
NEXT »