BREAKING NEWS
latest

728x90

468x60

Monday, June 04, 2018

මෙන්ඩිස්‌ සමාගමෙන් කෝටි 119ක්‌ බෙදුවේ කාටද රටට හෙළිකරන්න - දූෂණ විරෝධී හඬ ජනපතිගෙන් ඉල්ලයි

අර්ජුන් ඇලෝසියස්‌ මහතා විසින් මෙන්ඩිස්‌ අරක්‌කු සමාගමට අයත් පෞද්ගලික බැංකු ගිණුමකින් රුපියල් කෝටි 119 ක මුදලක්‌ චෙක්‌පත් 166 කින් නිකුත් කළේ කාටදැයි යන්න හෙළිකරන ලෙසට දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ඊයේ (03 දා) ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

මන්ත්‍රීවරුන් 118 දෙනකුට මුදල් ලබා දුන් සිද්ධියක්‌ මතු කරමින් සත්‍ය කරුණු යටපත් කිරීමේ උත්සාහයක ඇතැමුන් නිරතවෙමින් සිටින බව කී සමරසිංහ මහතා දේශපාලනඥයන්, රජයේ නිලධාරින්, පොලිස්‌ නිලධාරින්, මාධ්‍යවේදීන්, දේශපාලනඥයන්ගේ ඥතීන් ඇලෝසියස්‌ මහතාගෙන් මුදල් ලබා ගෙන ඇතැයි කීවේය.

නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දන්වා ඇති පරිදි පර්පෙචුවෙල් ට්‍රෙෂරීස්‌ සමාගම අවස්‌ථා කිහිපයකදී මෙන්ඩිස්‌ අරක්‌කු සමාගම සතු පෞද්ගලික බැංකු ගිණුමක රුපියල් කෝටි 119 ක්‌ තැන්පත් කර ඇතැයිද වසන්ත සමරසිංහ මහතා ජනාධිපතිවරයාට දැනුම් දෙමින් කියා සිටී.

එම මුදල් අර්ජුන් ඇලෝසියස්‌ මහතා සහ ඔහුගේ පියාගේ අත්සන් සහිත චෙක්‌පත් 166 කින් යළි ලබාගෙන ඇති අතර ඒවා විවිධ පුද්ගලයන්ට සන්තෝෂම් ලෙස ලබාදී ඇතැයිද හෙතෙම කියා සිටී.

ඊට අදාළ තොරතුරු ජනාධිපතිවරයා විසින් වසන් කරගෙන සිටින බවට රට තුළ මතයක්‌ ගොඩනැගෙමින් තිබෙන නිසා මෙම චෙක්‌පත් 166 ලබාගෙන තිබෙන්නේ කවුද. එම චෙක්‌පත්වලට අදාළ රුපියල් කෝටි 119 ක මුදල බෙදා දුන්නේ කාටද යන්න වහා රටට හෙළිකරන ලෙස වසන්ත සමරසිංහ මහතා ඉල්ලීමක්‌ කර ඇත.

දයාසිරි ජයසේකර මහතා වෙත ලබාදී ඇති රුපියල් ලක්‍ෂ දහයක චෙක්‌පත ඉහත චෙක්‌පත් 166 ට අදාළ නොවන බවද ජයසේකර මහතාට දී ඇති චෙක්‌පත රාජ්‍ය බැංකුවට අදාළ එකක්‌ බවද වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කර සිටී.

අජිත් අලහකෝන්
« PREV
NEXT »